IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොටස් විකිණීමෙන් ඉහළ පිරිවැටුමක්

කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල තව දුරටත් දුබලවීමක් පෙන්නුම් කරයි. කොටස් විකිණීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. තෝරාගත් සමාගම්වල කොටස් සඳහා නැඹුරුවන ආයා්ජකයන් කලින් ලාබ උපයා ගන්නට සමත් වූ සමාගම්වල කොටස් විකුණා අලුත් ස්ථානවල ආයෝජනයට උත්සුක වන බවක් නිරීක්ෂණය කළ හැකිය. 
ලාෆ් ගෑස්, ලාෆ් ගෑස් නිෂ්ඡන්ද හා ලාෆ් පවර් යන සමාගම්වල කොටස් දෙවැනි දිනයටත් ඉහළ ඉල්ලුමක තිබුණි. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ලාෆ් සමාගමේ කොටස්වලින් සියයට පනහක් මිල දී ගෙන ඇති අතර එමගින් ව්‍යාපාර අලුත් ආකෘතියක විශ්වාසයක් ගොඩනගනු ඇතැයි කොටස් හිමියන් විශ්වාස කරන බව පෙනේ. කෙසේ වෙතත් ඊයේ (සැප් 09) ගනුදෙනුවල දී දෙවැනි දිනයටත් දර්ශක පිරිහීමක් වාර්තා කරන ලද අතර එය සැලකිය යුතු තිගැස්මක් ඇති කරන්නට සමත් ව තිබේ. එහෙත් වෙළෙඳපොළ වාර්තා අනුව සියයට පනස් එකක ප්‍රතිශතයකින් මිල දී ගැනීමේ වුවමනාවක් පවතී. කොටස් මිල අඩු කර මිල දී ගැනීම උපක්‍රමය බව ඉතාමත් පැහැදිලිය.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,674.11 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 231.72 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,900.32 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 55.04 ක පහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 9.04 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 46,972 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 237.5 ක් විය. සමාගම් 59 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 196 කි. 
හැටන් වැවිලි  රු. මිලියන 580 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 265 ක්, එයිට්කන් ස්පෙන්ස් රු. මිලියන 234 ක්, එල්.ඕ. එල්. සී, රු. මිලියන 213  ක්, ලාෆ් ගෑස් රු. මිලියන 193 ක්, හැටන් නැෂනල් මිලියන 191 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 149 ක්, ජෝන් කීල්ස්  රු. මිලියන 145 ක්, ලාෆ් ගෑස්  රු. මිලියන 143 ක්, ඇස්පගර්  මිලියන 131 ක්, කොමර්ෂල් බැංකුව මිලියන 126 ක් සහ ඒ.සී.එල් කේබල් රු මිලියන 124 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 
නිරීක්ෂක



අදහස් (0)

කොටස් විකිණීමෙන් ඉහළ පිරිවැටුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site