සති පනස් දෙකක ඉතිහාසය තුළ ඉහළම මිලකට සමාගම් පහළොවක කොටස් හුවමාරුවීම ඊයේ (28) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන්වන විට වාර්තා වී තිබේ. කෙසේ වෙතත් තවත් සමාගම් හයක කොටස් මිල සති පනස් දෙකක කාලයක් තුළ අඩුම අගයක තිබීම ද අවධානයට ගත යුතුවේ.
අලුත් ගනුදෙනු සතිය ආරම්භ කරමින් කොටස් හුවමාරුව තියුණු වූ අතර මෑත දින කිහිපය තුළ වැඩිම ගනුදෙනු වාර ගණනක් සනිටුහන්වීම ද විශේෂිත සිද්ධියකි. මෙම සක්‍රීයභාවය පවත්වාගැනීමට ගනුදෙනුකරුවන් උනන්දුවිය යුතු අතර ලාබ සහිතව විකිණීමට උත්සාහ කළහොත් නැවත වටයකින් වෙළෙඳපොළ දුර්වල විය හැකිය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,811.47 ක් වූ අතර එය දර්ශක 69.43 ක වර්ධනයකි. ආම්භයේ දී මෙයට වඩා තියුණු වර්ධනයක් තිබුණ නමුත් විකිණීම් සඳහා වූ තෙරපුම අවසානයේ දී අඩු ඉල්ලුමක් නිර්මාණය කළේය. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,653.39 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 20.88 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
මෙදින ගනුදෙනු 19,187 ක් වාර්තා වූ අතර සමාගම් 153 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 66 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,794.3 ක් වශයෙන් විය.
හේමාස් හෝල්ඩිං රු. මිලියන 164 ක්, වැලිබල් ෆිනෑන්ස් රු. 123 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 117 බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 100 ක්, සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 85 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 75 ක්, ජනශක්ති ඉන්ෂුවරන්ස් රු. මිලියන 70 ක්, සම්පත් රු. මිලියන 62 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 61 ක්, සහ හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 58 ක් හා වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටස් මිල සති පනස් දෙකක ඉතිහාසයේ ඉහළට