IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඕමාන ගුවන් සේවය One World සන්ධානයට

භානුක අමරසිංහ
ඕමානයේ ජාතික ගුවන් සේවය වන ඕමාන් එයාර් ගුවන් සේවය oneworld සන්ධානයේ 15 වැනි සාමාජිකයා ලෙස එක්ව ඇතැයි නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව ජූලි 01 වැනිදා සිට oneworld පාරිභෝගිකයන්ට ඕමාන ගුවන් සේවය සිදු කරන ගමනාන්ත සමගින් සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙයි. 
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද 2014 වසරේ සිට oneworld සන්ධානයේ සාමාජික ගුවන් සේවයකි. මෙම oneworld මගින් ලොව පුරා පිහිටි ගමනාන්ත 900 ක් එකිනෙකට සම්බන්ධ කරමින් ඒවායේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දෙයි. එසේම දිනකට මගීන් ලක්ෂ 14 කට ආසන්න පිරිසක් oneworld සාමාජික ගුවන් සේවා මගින් පියාසර කරන බවත් පවසයි. Oneworld සාමාජික ගුවන් සේවා වාර්ෂිකව සිදු කරන ගුවන් පියාසැරීම් සංඛ්‍යාව ලක්ෂ 46 ක් ඉක්මවා තිබේ.



අදහස් (0)

ඕමාන ගුවන් සේවය One World සන්ධානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 369 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site