
කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ
සිය ආයතනය මෙරට පමණක් නොව දේශාන්තරවල පවා ඉමහත් ප්‍රසිද්ධියට පත් කිරීමට කාලය ශ්‍රමය වැය කරමින් කටයුතු කළ සියලුම සේවක, සේවිකාවන්ට උපහාර පිදීම නිමිත්තෙන් ඔවුන් සියලු දෙනාම සුවඳ මලින් නෑවූ අපූරු උපහාර උළෙලක් ඇල්පිටිය වතුරවිල එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණ.
එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා පාලන අධිකාරිය සංවිධානය කළ මේ අපූරු අවුරුදු උපහාර උළෙලේ දී එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයට අයත් තේ කර්මාන්ත ශාලා හයක සේවක, සේවිකාවෝ 1260ක් මෙදින සුවඳ මලින් නෑවූහ.
ඇල්පිටිය, වතුරවිල එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයට එකතු වූ සියලුම සේවක, සේවිකාවන්ට දිවා භෝජන සංග්‍රහයක් ලබා දී ඔවුන් වෙනුවෙන්ම සංවිධානය කළ විශේෂ සංගීත ප්‍රදර්ශනයක් ද පවත්වා මේ අපූරු උපහාරය සිදු කෙරිණ. සේවක, සේවිකාවන්ගේ දක්ෂතා අගයා ඔවුනට උපහාර තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මේ අවස්ථාව සියැසින් දැක ගැනීමට එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අනුර ද සිල්වා, උප සභාපතිවරුන් වන සෙනාල් ද සිල්වා, විනෝද් ද සිල්වා, අධ්‍යක්ෂිකා සාගරිකා ජයසිංහ සහ අධ්‍යක්ෂ තුෂාර ගීගනගේ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සේවිකාවක විසින් පොල්තෙල් පහන දල්වා උපහාර උත්සවය ආරම්භ කළ අයුරු හා එම ආයතනයේ සේවක, සේවිකාවන් සුවඳ මලින් නාවන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2038
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එවර්ග්‍රීන් සේවක සේවිකාවන්ට සුවඳ මලින් උපහාර