IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


එමිරේට්ස් සමූහයට ඩො.බි. 6.2ක වාර්තාගත ලාබයක්


ලාබය, ආදායම සහ මුදල් ශ්‍රේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාබ උපයන ගුවන් සේවා සමූහය බවට පත්වී ඇත.

2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 22.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.2) ක ලාබයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට වඩා සියයට 18 ක වැඩිවීමකි. සමූහයේ ඩිරාම් බිලියන 145.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 39.6) ක වාර්තාගත ආදායම, පසුගිය වසරේ ප්‍රතිඵලවලට වඩා සියයට 6ක වැඩි වීමක් වන අතර, මුදල් වත්කම්වල වටිනාකම ඩිරාම් බිලියන 53.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 14.6) වූ අතර එය පසුගිය වසරට වඩා සියයට 13 ක වැඩි වීමකි.

ලොව වඩාත් ම ලාබ උපයන ගුවන් සේවය ලෙස එමිරේට්ස් ගුවන් සේවය සිය ස්ථානය දිනා ගෙන ඇත්තේ බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 21.2 (ඇමරිකානු ඩොලර් බිලියන 5.8) ක වාර්තාගත ලාබයක් අත්කරගනිමිනි. එය පසුගිය වසරට වඩා සියයට 20 ක වර්ධනයකි. මූල්‍ය වසර සඳහා සමස්ත ආදායම ඩිරාම් බිලියන 127.9 (ඇමරිකානු ඩොලර් බිලියන 34.9) ක් වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6ක වැඩි වීමකි. මේ අතර ගුවන් සමාගමේ ඩිරාම් බිලියන 49.7 (ඇමරිකානු ඩොලර් බිලියන 13.5) ක මුදල් වත්කම්, 2024 මාර්තු 31 දිනට වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 16 කින් ඉහළ ගොස් ඇත.

එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය: 

“ඩුබායි විසින් එමිරේට්ස් හා zdnataZ වැනි අති සාර්ථක ගෝලීය ගුවන් සේවා ආයතන බිහි කර තිබීම අහම්බයක් නොවේ. දූරදර්ශී නායකයින්, උපායමාර්ගික සැලසුම්කරණය, සම්බන්ධීකරණය වූ මෙහෙයුම් සහ අපගේ ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ඩුබායි හි සියලුම ජනතාවගේ ශක්තිමත් සහයෝගයට ස්තූතිවන්නට ඩුබායි ගුවන් සේවා අංශය ගෝලීය වේදිකාවේ බලගතු බලවේගයක් බවට පත්වී ඇත.”

2024-25 වසර තුළ සමූහය විසින් සිය වර්ධන සැලසුම් වෙනුවෙන් නව ගුවන් යානා, පහසුකම්, උපකරණ, ආයතන සහ නවතම තාක්ෂණයන් සඳහා සම්පූර්ණයෙන් ඩිරාම් බිලියන 14.0 (ඇමරිකානු ඩොලර් බිලියන 3.8) ක් ආයෝජනය කර ඇත. 

2025 මාර්තු මාසය අවසන් වන විට ගුවන් සමාගමේ මුළු ගුවන් යානා සංඛ්‍යාව 260ක් වූ අතර, ගුවන් යානා එකතුවේ සාමාන්‍ය වයස අවුරුදු 10.7 කි.

වෙළෙඳ පොළ පුරා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාරයක් ලෙස උපායමාර්ගිකව ධාරිතාව යෙදවීමෙන් මෙම මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ මුළු ආදායම ඩිරාම් බිලියන 127.9 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 34.9) ක් දක්වා සියයට 6 කින් ඉහළ ගියේය. එමිරේට්ස් ගුවන් සේවය 2024-25 වසර තුළ දී ඩිරාම් බිලියන 40.8 (ඇමරිකානු ඩොලර් බිලියන 11.1) ක වාර්තාගත මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් වාර්තා කළ අතර, එමගින් එහි ශක්තිමත් වාණිජ කාර්යසාධනය පිළිබිඹු කරයි. 

විවිධ පාරිභෝගික අංශ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට ඇති කැපවීම, එහි ගෝලීය ජාලයේ ශක්තිය සහ එහි නිෂ්පාදන සඳහා ඇති දැඩි පාරිභෝගික කැමැත්ත හේතුවෙන් එමිරේට්ස් විසින් ඩිරාම් බිලියන 19.1 (ඇමරිකානු ඩොලර් බිලියන 5.2) ක නව වාර්තාගත ශුද්ධ ලාබයක් අත්කරගත් අතර පසුගිය වසරේ ශුද්ධ ලාබය ඩිරාම් බිලියන 17.2 (ඇමරිකානු ඩොලර් බිලියන 4.7) ක් විය. මෙය ගුවන් සමාගමේ ඉතිහාසයේ මෙන් ම 2024-25 වාර්තාකරණ වර්ෂය සඳහා ගුවන් සේවා කර්මාන්තයේ හොඳම කාර්යසාධනයයි. 

2024-25 වර්ෂයේ දී එමිරේට්ස් විසින් මගීන් මිලියන 53.7ක් (එනම් සියයට 3 කින් ඉහළ ගොස් ඇති අගයක්) ප්‍රවාහනය කර ඇති අතර, ආසන ධාරිතාව ද සියයට 4 කින් ඉහළ ගොස් ඇත. 

එමිරේට්ස් ස්කයිකාර්ගෝ සමාගම කැපී පෙනෙන වසරක් වාර්තා කළ අතර ලොව පුරා භාණ්ඩ ටොන් මිලියන 2.3 ක් ප්‍රවාහනය කර ඇත. එය පසුගිය වසරට වඩා සියයට 7 ක ඉහළ අගයකි. 



අදහස් (0)

එමිරේට්ස් සමූහයට ඩො.බි. 6.2ක වාර්තාගත ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 19 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site