![]() |
| ESOFT Metro Campus, ESU හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ |
දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus ඉන් නොනැවති ESU Uni නමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ‍්‍යයක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.
උසස් අධ්‍යාපනය සඳහා නව මානයක් එක් කරමින්, ESU සංකල්පය හඳුන්වාදීම සම්බන්ධයෙන් ESOFT Metro Campus සහ ESU හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමක දී දැක්වූයේ මෙවන් අදහසකි.
ESU කියන්නේ කුමක්ද සහ එය පිහිටුවීමට අඩිතාලම සැකසෙන්නේ කොහොමද?
විසිපස් වසරක් පුරාවටම අපගේ මෙහෙවර වුණේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සියල්ලන්ටම ප්‍රවේශ විය හැකි අවස්ථා නිර්මාණය කරදීමයි. 2000 වර්ෂයේ දී ESOFT ආරම්භ කළේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් (Computer Training Institute) විදිහට.
තොරතුරු තාක්ෂණයට රැකියා වෙළෙඳපොළේ ලැබුණු ඉල්ලුමත් සමග රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් පිටවන රැකියාලාභීන්ගේ අඩුවක් පැවතුණා. ඒ හිඩැස පිරවීමේ අරමුණෙන් ආරම්භ කරපු ESOFT ආයතනය අද වනවිට පදනම් පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සහ උපාධි පාඨමාලා දක්වා පුළුල් පරාසයක විහිදි තිබෙනවා. ESOFT Campus නාමය කියූ සැනින් බොහෝ දෙනෙක් හිතන්නේ මෙය තොරතුරු තාක්ෂණය පමණක් හැදෑරීමට තිබෙන ආයතනයක් කියලා. එහෙත් දීප ව්‍යාප්තව ශාඛා 40 ක විවිධ විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරනවා.
උසස් අධ්‍යාපනය ළඟා කරගැනීමේ අරමුණ තවදුරටත් යථාවත් කරදීම සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අනාගත ලෝකයට ගැළපෙන විෂය පථ ඔස්සේ බුද්ධිමත් සිසු පිරිසක් සමාජයට දායාද කිරීමේ අරමුණ පෙරදැරිව තමයි ESU උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කරන්නේ. මෙහිදී ගුණාත්මකභාවයකින් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උසස් මට්ටමේ උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් පිරිනැමීමට වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.
ESU සන්නාමය හරහා අපි තේමා කරගත්තේ Infinite you, Infinite Possibility යන්නට අවස්ථාවක් සලසා දීමයි. එයින් අදහස් කරන්නේ අපි පිළිගන්නවා අපි හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස් කියන කාරණ ය. පුද්ගයාගෙන් පුද්ගලයාට ඔවුන් ළඟා කරගැනීමට කැමැති ඉලක්ක වෙනස්. ඒ වෙනස් වීමට සරිලන අධ්‍යාපන ක්‍රමයක් සමාජය තුළ ගොඩනැගෙන්න ඕනේ. තමන් ඇලුම් කරන, තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ පියවරෙන් පියවර සිය ඉලක්ක වෙත පියනගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ සඳහා වන මග පෙන්වන්නා විදිහටත්, නව තාක්ෂණික ලෝකයට පිවිසීමට දොරටු විවර කරදෙන උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් තමයි ESU කියන නව උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කළේ.
උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිහින දකින කෙනෙක්ට ESU කියන නව්‍ය උසස් අධ්‍යාපන අත්දැකීම සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද?
මේ වන විට කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කරගනිමින් ESU උසස් අධ්‍යාපන ආයතන ද්විත්වයක් සිසු දරුවන් වෙනුවෙන් අප විවෘත කර තිබෙනවා. මෙහි තෙවන අදියර වශයෙන් යාපනය ESU උසස් අධ්‍යාපන ආයතනය නුදුරේදීම විවෘත කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. මෙම ප්‍රධාන ශාඛා තුන සමඟ එක්වීමෙන් ඔවුන් කැමැති විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දී තියෙන්නේ.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා හඳුන්වා දුන් මෙම ESU පද්ධතියESOFT හි වෘත්තිය අධ්‍යාපන අංශයේ ස්වාධීන ආයතනික ව්‍යූහයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශීත, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් අප මෙහිදී ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උපාධි හා පශ්චාත් උපාධි පිරිනමන අධ්‍යාපන යාන්ත්‍රණයක් මෙරට සිසු දරුවන්ට හඳුන්වා දෙන්න අවධානය යොමු කරලා තියෙන්නේ. මේ අතර ESOFT Metro Campus සහ ESOFT Metro College හරහා සිය සුපුරුදු අධ්‍යාපන වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා වන ප්‍රායෝගික කුසලතා ලබා ගැනීමට අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ වෘත්තිය පාඨමාලා අඛණ්ඩව පිරිනැමීමට කටයුතු කරනවා.
ESU සමග සම්බන්ධවීමෙන් හැදැරිය හැකි විෂය ක්ෂේත්‍ර මොනවාද?
ලංකාව වැඩිම ආදායමක් උපයා ගනු ලබන්නේ විදෙස් රටවලට පුද්ගල ශ්‍රමය ලබාදීමෙන්. අපි සෑම විටම ඉලක්ක කරගෙන තියෙන්නේ නුපුහුණු ශ්‍රමිකයන් විදේශීය රැකියා වෙළෙඳපොළට යොමු කරන්න. ඒ කියන තැනින් එහාට ගිහින් අපි උත්සහ කළ යුත්තේ පුහුණු ශ්‍රමිකයන් රැකියා වෙළෙඳපොළට යොමු කරන්න.
ඒ කියන ඉලක්කයන්ද සපුරාලීම පෙරදැරි කරගනිමින් ESU උසස් අධ්‍යාපන ආයතනයෙන් සිසු දරුවන්ට ලබාදෙන විෂය දැනුම තොරතුරු තාක්ෂණයට පමණක් සීමා නොවී ගෝලීය රැකියා වෙළෙඳපොළට සරිලන විවිධ විෂය ක්ෂේත්‍ර 06ක් යටතේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ව්‍යාපාර කළමනාකරණය සහ නීතිය (Business & Law), ඉංජිනේරු පීඨය (Engineering), කලාව සහ නිර්මාණ (ART & Design), ජීව විද්‍යාව (Life Sciences), අධ්‍යාපන සහ සමාජ විද්‍යාව (Education & Socialogy) යන විෂය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසෙනවා.
මෙම සෑම විෂය පථයක්ම න්‍යාය කරුණු හා ප්‍රායෝගික අත්දැකීම් ඒකාබද්ධ කරගත් ගුණාත්මක අධ්‍යාපනයක් සිසු දරුවන්ට ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන්නේ. මෙම අධ්‍යාපන රටාව මගින් සිසු දරුවන්ගේ ප්‍රායෝගික හැදෑරීම් (Practical Knowlege), නායකත්වය(Ledership), නිර්මාණශීලිත්වය(Creative Thinking) සහ පර්යේෂණ (Research) වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. මෙමගින් කුසලතාවෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව සිසු පිරිසක් රැකියා වෙළෙඳපොළට සූදානම් කිරීමට අවකාශය සැලසෙනවා.
ESU හරහා උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් ලැබෙන ප්‍රතිලාභ සහ සිසු දරුවන්ට ලබා දී තිබෙන සහන මොනවාද?
මෙම අධ්‍යාපන ක්‍රියාවලි මගින් විදේශයන්හි අධ්‍යාපනය හැදෑරීමට සිහින දකින සිසු දරුවන් සඳහා එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල වෙත ප්‍රවිශ්ට වෙලා සිය උපාධි පාඨමාලාවේ අවසන් අදිරයන් සම්පූර්ණ කරගැනීමට ද සුවිශේෂි පහසුකම් සලසා තිබෙනවා. මෙමගින් මවුපියන්ට සිය දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුල්‍යමය වියදම්වලට යම් අස්වැසිල්ලක් ලැබෙනවා. ඒ වගේම මෙරට සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි වැඩසටහන් මෙරට දීම ඉතා අඩුපිරිවැයකින් හැදෑරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඊට අමතරව පාඨමාලා ගාස්තු ගෙවීමේ ක්‍රමයකට කිරීමට ද, එසේ කිරීමට නොහැකි අයකුට පෞද්ගලික බැංකු හරහා ණය වාරිකයක් යටතේ මුදල් ගෙවීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.
ESU සමග සම්බන්ධවෙන්න අපේක්ෂාවෙන් සිටින නව්‍ය සිසුවකුට අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය කුමක් ද?
උසස් අධ්‍යාපනයේ නව හැරවුමක් වෙනුවෙන් ආරම්භ කළ ESU උසස් අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින අපේක්ෂකයන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය යථාවත් කරදීමටත්, ගෝලීය රැකියා වෙළෙඳපොළට නායකත්වය දීම සහ අනාගතයේ දී ශ්‍රී ලංකාව කුසලතාවලින් පරිපූර්ණ වූ වෘත්තිකයන් සංවර්ධනය කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට මෙම උසස් අධ්‍යාපන ක්‍රියාවලිය මගින් අපේක්ෂිතයි. තමන්ගේ උසස් අධ්‍යාපන ඉලක්කය සිහිනයක් පමණක් වීමට ඉඩ නොදී මෙම නව්‍ය උසස් අධ්‍යාපන වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙලා එය යථාවත් කරගැනීමට පෙළගැසෙන්න කියලා ආරාධනා කරනවා.
මනීෂා වීරසිංහ
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උසස් අධ්‍යාපනයට නව මානයක් එක්කළ ESU සංකල්පය