IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ

  • නව ආයෝජන කලාපවලින් සෘ රැකියා 16 000ක්
  • වක්‍ර රැකියා 50 000ක අපේක්ෂාවක්
කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයේදී ආයෝජකයන්ට තම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි ලෙස මූලික පියවර වේගවත් කරන ලෙස ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
 
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උතුරු පළාතේ ආයෝජන කලාප ස්ථාපිත කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හේරත් මහතා මෙසේ ඉල්ලා සිටියේය.
 
උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නව ආයෝජන කලාප ආරම්භ කිරීමේ කාර්යයේදී ඊට සම්බන්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ආයෝජනය කිරීමට අපේක්ෂිත ආයෝජකයන් හා උතුරු පළාතේ වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා, නව ආයෝජන කලාපවලින් සෘජු රැකියා 16000ක් පමණ ජනිත වනු ඇතැයි අපේක්ෂා කරන අතර, වක්‍ර රැකියා 50000ක් පමණ අපේක්ෂා කරන බවත්, පරිසර හිතකාමී හරිත ආයෝජන කලාප ලෙස වඩාත් පරිසරය හා බැදුනු, පරිසර දූෂණය අවම ආයෝජන කලාප ලෙස මෙම ආයෝජන කලාප හඳුන්වා දීමට පියවර ගන්නා බවත් පැවසීය.
 
කන්කසන්තුරේ අතහැර දමා ඇති පැරණි සිමෙන්ති කම්හල් භූමියත්, පරන්තන් හි අතහැර දමා ඇති රසායන නිෂ්පාදන කම්හල් භූමියත් නව ආයෝජන ආයෝජන කලාපවලට අයත්ය. වසර ගණනාවක් අවධානයට ලක්නොවූ මෙම ප්‍රදේශ රටේ ආර්ථික සංවර්ධන දායක කර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය විය.
 
කන්කසන්තුරේ ආයෝජන කලාපය පිවිසුම් මාර්ග තුනක් සහිත (ගුවන්, නාවික හා දුම්රිය) සංවර්ධනය කළ හැකි බවත්, මේ ආයෝජන ආකර්ෂණයට හේතු වන බවත් මෙහිදී සඳහන් විය.
 
නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී උතුරු ප්‍රදේශයේ තරුණ ශ්‍රමබලකායේ හැකියාව හා දැනුම පිළිබදව අවධානය යොමු කෙරේ. විශේෂයෙන් කන්කසන්තුරේ ඉදිවන මහපරිමාණයේ කර්මාන්ත වෙනුවෙන් ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම පරන්තන් ආයෝජන කලාපයේදී රසායන විද්‍යාඥයන්ට ද නව අවස්ථා හිමි වේ.



අදහස් (0)

උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2064 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site