IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ඊ.බී.ක්‍රීසි සහ සමාගම ලංකා ස්පෙෂල් ස්ටීල්ස්හි තවත් රු.මි. 400ක් ආයෝජනය කරයි

  • ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම ලක්ෂපාන පීඑල්සී වෙත අලෙවි කිරීම ගැන සාකච්ඡා යළි ඇරඹෙයි

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊ.බී. ක්‍රීසි සහ සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමිටඞ් සමාගම වෙත තවත් රුපියල් මිලියන 400ක ආයෝජනයක් කළ බව පවසයි. පසුගිය ඔක්තෝබර් 02 වැනිදා මෙම ආයෝජනය සිදු කර තිබේ. 

මේ අතරින් රුපියල් මිලියන 300ක් එම සමාගමේ කොටසක් රුපියල් 11.04ක් බැගින් සාමාන්‍ය කොටස් 27,173,914ක් වෙත සිදුකළ ඍජු ආයෝජනයක් ලෙස මිලදී ගැනීමෙන්ද, ඉතිරි රුපියල් මිලියන 100ක් ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමිටඩ් සමාගම ඊ.බී.ක්‍රීසි සහ සමාගම වෙත ගෙවීමට ඇති ණය වටිනාකමට ගැළපෙන ලෙස කොටසක් රුපියල් 11.04ක් බැගින් සාමාන්‍ය කොටස් 9,057,971ක් හුවමාරු කිරීමක් ලෙසද සිදුව තිබේ.

මීට පෙර 2024 පෙබරවාරි 27 වැනිදා ඊ.බී. ක්‍රීසි සහ සමාගම, මෙම ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමිටඩ් සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් තම පරිපාලිත සමාගමක් වන ලක්ෂපාන පීඑල්සී සමාගම වෙත අලෙවි කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත් 2024 ජූලි මාසයේදී නිවේදනයක් නිකුත් කළ ලක්ෂපාන පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය අදාළ ගනුදෙනුව යළි ඇගයීමක් කරන බව පවසා සිටියේය.

2025 අප්‍රේල් මාසයේදී ඊ.බ්‍රී. ක්‍රීසි සහ සමාගම ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමිටඩ් සමාගම තුළ රුපියල් මිලියන 400ක් ආයෝජනය කළ අතර, එහිදී එම සමාගම මගින් ඊ.බී.ක්‍රීසි. සහ සමාගම වෙත ගෙවීම‍ට ඇති ණය වටිනාකම සඳහා කොටසක් රුපියල් 13.65ක් බැගින් සාමාන්‍ය කොටස් 29,304,029ක් හුවමාරු කිරීමක් සිදු විය.
මේ අතර ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමිටඞ් සමාගමෙහි සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් ලක්ෂපාන පීඑල්සී වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් සමාගම් දෙකම ඉදිරියටත් සාකච්ඡා පවත්වන බව ඊ.බී. ක්‍රීසි සහ සමාගම සඳහන් කර සිටියි.

 



අදහස් (0)

ඊ.බී.ක්‍රීසි සහ සමාගම ලංකා ස්පෙෂල් ස්ටීල්ස්හි තවත් රු.මි. 400ක් ආයෝජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 547 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 792 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 339 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site