IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඊ.පී.එෆ් - ඊ.ටී.එෆ් අරමුදල් වාසිදායක තැනක

අලුත් වාර්තා දක්වන පරිදි කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර ඇති සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල වැනි රජයේ අරමුදල් එම ආයොජනවලින් වාසිදායක තැනක පසුවේ. සේවා අර්ථ සාධක අරමුදලේ වාර්තා අනුව 2024 මැද වන විට ඔවුන් සතු කොටස් වෙළෙඳ පොළ මිලදී ගැනීම් රු. බිලියන 110.3 ක් පමණ වේ. සේවක භාරකාර අරමුදලේ මුඛ්‍ය වාර්තා අනුව එම අරමුදලේ වත්කම් වලින් සියයට තුනකට ආසන්න ප්‍රතිශතයක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබේ. ඉකුත් කාලවල මෙම ආයෝජනවලින් අධික අලාභ වාර්තාකර තිබුණ අතර රජයේ විගණන වාර්තාවලින් පවා මෙහි අවාසි පෙන්වා දී තිබුණි.

ඊයේ (සඳුදා 27) මධ්‍යහනය වනවිට සියලු කොටස් මිල දර්ශකය 17,044.67 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 126.81 ක වර්ධනයකි. එස්.ඇන්ඩී.පී ශ්‍රී ලංකා දර්ශකය 5,150.61 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 30.49 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය. 

දිනයේ පිරිවැටුම රු. බිලියන 5.93 වූ අතර දිනය අවසානයේ දි ගනුදෙනු 34,602 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 151ක් ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 86 ක කොටස් මිල පහත වැටිණි. පිරිවැටුම හා ගනුදෙනු ප්‍රමාණය කලින් සතියේ පැවැති සාමාන්‍යට වඩා පහත වැටුණු අතර කොටස් වෙළෙඳාම අඩුවනු ඇති බවට පැවැති සැක සහිත බව මෙයට හේතු වූ බව පෙනේ. කෙසේ වෙතත් සමාගම්වල කොටස් සඳහා තියුණු ඉල්ලුමක් පවතී. 

නේෂන් ලංකා ෆිනෑන්ස්, ඔඩෙල්, බුකිට් ධර්හා සහ එල්.ඕ.එල්.සී යන සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගියේය. සෙංකඩගල ෆිනෑන්ස්, කැන්ඩි හොටෙල්, රම්බොඩ ෆෝල්ස්, රේඩියම් ජොම්ස් ඉන්ටර් නැෂනල් සහ සී.අයි.සී (එක්ස්) ප්‍රතිශතයක් වශයෙන් කොටස් මිල පහත වැටුණු සමාගම් අතර ඉදිරියෙන් තිබුණි.  

ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 768 ක්, ජෝන් කීල්ස් හෝලිඩිං, රු. මිලියන 452 ක් හැටන් නැෂනල් බැංකුව රු.මිලියන 259 ක් ලංකා ඇලුමිනියම් රු මිලියනයක 203 ක් හා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු මිලියන 202 ක් වශයෙන් කොටස් හුවමාරු පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. 

නිරීක්ෂක



අදහස් (0)

ඊ.පී.එෆ් - ඊ.ටී.එෆ් අරමුදල් වාසිදායක තැනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site