හාල් හිඟය ආපු එක අපේ වෙළෙඳාම අඩු වෙන්න ගොඩක් බලපෑවා. විකුණන්න හාල් තිබ්බෙත් නෑ අවශ්‍ය තරමට. ඒ නිසා හාල් මිල ගොඩක් ඉහළ ගියා. මිල වැඩිවුණ නිසා රජයෙන් පාලන මිලක් දැම්මා. පාලන මිල නිසා වෙළෙන්දෝ තමයි ගොඩක්ම අපහසුතාවට පත් වුණේ.
පස්වැනි හරස් වීදියේ තොග වෙළෙද ව්‍යාපාරික
කවිනීෂ් කුමාර්
ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී Pettah නමින් හැඳින්විණි. මෙම Pettah හෙවත් පිටකොටුව කොළඹ නගරයේ කාර්යබහුලම තැන බව අමුතුවෙන් කිවයුතු නැත. පිටකොටුව වෙළෙඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබ එහි ඇවිදයාමට සිදු වන්නේ දැඩි අපහසුවකිනි. එයට හේතුවන්නේ වීදී පුරා පිරී ඉතිරී යන සෙනග හේතුවෙනි. පිටකොටුව වෙළෙඳපොළ එළිමහන් කඩසාප්පු සහ වෙළෙදපොළ මාලාවකි. එය තොග සහ සිල්ලර වෙළෙඳසැල්, ගොඩනැගිලි, වාණිජ ආයතන සහ අනෙකුත් සංවිධාන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වාණිජ ප්‍රදේශයයි. එම කාර්බහුල වීදී අතරින් පස්වැනි හරස් වීදියේ කවිනීෂ් කුමාර් මහතාගේ තොග සහල් වෙළෙඳසල වෙත අපි ගියෙමු.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි තොග හාල් වෙළෙන්දෝ. මේ දවස්වල නම් වෙළෙඳාම ටිකක් අඩුයි. සිල්ලර වෙළෙන්දෝ සහල් තොග මිලදී ගත්තට ඉස්සර තරම් විශාල තොග ගන්නේ නෑ. ගිය අවුරුද්දේ වෙළෙඳාම සාමාන්‍ය අනිත් වසර වලට වඩා අඩු වුණා. උත්සව සමය ආවත් වෙළෙමේ වැඩියක් වුණේ නෑ. හාල් ප්‍රශ්න ගොඩක් වුණාණේ පහුගිය කාලේ. හාල් හිඟය, හාල් මිල වැඩි වීම වගේ ප්‍රශ්න අපේ රටට අලුත් දෙයක්නම් නෙමෙයි. හැම අවුරුද්දකම වගේ මොකක් හරි හාල් ප්‍රශ්නයක් එනවනේ. ඒවායෙන් පාරිභෝගිකයන් වගේම අපිත් පීඩාවට පත් වෙනවා.
Q:බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
හාල් හිඟය ආපු එක අපේ වෙළෙඳාම අඩු වෙන්න ගොඩක් බලපෑවා. විකුණන්න හාල් තිබ්බෙත් නෑ අවශ්‍ය තරමට. ඒ නිසා හාල් මිල ගොඩක් ඉහළ ගියා. මිල වැඩිවුණ නිසා රජයෙන් පාලන මිලක් දැම්මා. පාලන මිල නිසා වෙළෙන්දෝ තමයි ගොඩක්ම අපහසුතාවට පත් වුණේ. රජයේ පාලන මිලට අපිට හාල් දෙන්නෙත් බෑ. ළඟ තියාගන්නත් බෑ වගේ ප්‍රශ්න ආවා. හාල් ආනයනය කරන්න ගත්තාම නම් හාල් ගැටලුව ගොඩක් දුරට විසදුනා. ඒත් තාමත් හාල් මිලේ අඩුවක් නම් නෑ. අනික ගොඩක් අය ඉල්ලන්නේ කැකුලු හාල්. තාමත් කැකුලු හාල් හිගයක් තියනවා. අනිත් හාල් වර්ග වලනම් අඩුවක් නෑ.
ශෂිකා අබේරත්න
ඡායාරූපය - ඉසුරු පෙරේරා
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉස්සරට වඩා දැන් බිස්නස් අඩුයි