( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට ඉන්දීය සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ ප‍්‍රාන්ත තුනක නව සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත.
ඒ අනුව ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්, මහාරාෂ්ට‍්‍ර සහ තමිල්නාඩු ප‍්‍රාන්ත වල එම ඉන්දීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කරන සංචාරක පැකේජ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී තෙදින කාලයකදී නවාතැන් සඳහා පමණක් ඩොලර් 99ක් අය කෙරෙන සංචාරක පැකේජ හඳුන්වාදීමට සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශ බලාපෙරොත්තු වන අතර එවැනි පැකේජ දස දහසක් අවම වශයෙන් අලෙවි කිරීමට කාර්යාංශය අපේක්ෂා කරන බවද එම නිලධාරියා කීය.
මෙවැනි ආකර්ශනීය සංචාරක පැකේජ සඳහා ඉන්දීය ජාතිකයින් ගෙන් වැඩි ඉල්ලූමක් පවතින බැවින් මෙම නව සංචාරක පැකේජ වලට ඉන්දීය සංචාරකයින් වැඩිපුර ආකර්ෂණය වනු ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.
සාමාන්‍යයෙන් පසුගිය වසරේ දී මෙරට පැමිණි එක් විදෙස් සංචාරකයෙකු විසින් ඇමෙරිකා ඩොලර් 174ක් මුදලක් වැය කරන බවට සංචාරක දත්ත වලින් හෙළි වී ඇති අතර මෙම නව සංචාරක පැකේජ හඳුන්වා දීමේ වැඩසටහන මගින් රුපියල් බිලියන 1.3ක් උපයා ගැනීමට අපේක්ෂිත යැයි එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටී.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 23ක් පැමිණි අතර ඉන් වැඩිම පිරිසක් පැමිණියේ ඉන්දියාවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක සංචාරකයෙක් ඩොලර් 174 මේ මොන සංචාරකයෝද ? ඔය එන අයගෙන් කී දෙනෙක් අපහු ගිහින් තියෙනවද කියලත් ගණන් හැදුවොත් හොදා
මොනවා කරන්නද ප්‍රභා... ඩොලර් 174ක් කීයද කියල තේරුම් ගන් තැතුව...
මාරු සංචරකයෝ ටිකක් ලංකාවට ගෙන්නගන්න හදන්නේ. මෙහෙමත් මෝඩ නිලධාරීන්.
ඉන්දියාවෙන් මෙහෙට එන්නේ හිඟන්නු. සත 5ක් වියදම් කරන මිනිස්සු නෙමේ. මේ මිනිස්සුන්ට අමු කැවිලද? යනවකෝ යුරෝපයට, ඕස්ට්‍රෙලියා, ඇමරිකා නිකන් මෝඩ ජෝක් දාන්නේ නැතුව...
අනේ මෙහෙම මෝඩතීරණ... පිටරට සේවය කරන අපේ රටේ අය මීට වඩා සල්ලි වියදම් කරනවා.
ඔන්න ඕකට තමයි කියන්නේ සිංහලයාගේ වල සිංහලයා විසින්ම කපාගැනීම කියලා. යනඑන මන් නැතුව සොච්චම් පැදිවලට ගුල්ෆ් යන අනාථවෙච්ච ඉන්දියන් කාරයන් ලංකාවට හේත්තුකරන්න ඕක හොඳ යෝජනාවක් වෙයි. කිසිම සිංහල සංස්කෘතික සැලැස්මක් නැති රටක් මේක. හරිම දුකයි ඒ ගැන. ලංකාවට අලුත් දැක්මක් අවශ්‍යයි. තරුණ අලුත් නායකයෙක් අවශ්‍යයි. 60 පැනපු අය දැන් කෑවා ඇති දැන් මේ රට...
ලංකාවේ සංචාරකයන් මොවුන්ට වඩා වියදම් කරනවා.
මෙකේ කමෙන්ට් දාන අයගෙ බුද්දි මට්ටම ගැන දුකයි. ලොකේ කොහෙත් දැන් අඩු මිල සංචාරකයෝ තමයි. වැඩිපුරම චීන ඉන්දියානු ඒගොල්ලො ලොක ජනගහණයෙන් බාගෙකට වැඩිය. මෙතන කමෙන්ට් දාන අය ඩොලර් 99 ක් තියා සත අනූ නවයක්වත් රටට උපයනවද ?
නියම රටක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කරන්නේ.. ඉන්දියානුවන් ලංකාවට ආවාම හැසිරෙන විදිහට ඌරන්වත් හැසිරෙන්නේ නෑ... සංචාරක හෝටල් වල වැඩ කරන අයගෙන් අහන්න.. යුරෝපා රටවල ප්‍රවර්ධනය කරන්න ඒක තමයි කල යුතු හොදම දෙය.
තීරුබදු රහිත කොකේන්, කන්ජා ලංකාවට ගෙන්වා ගනිමු... ජයවේවා!!!