IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉන්ටර්නැෂනල් ලොජිස්ට්ක්ස් සමාගමට DIMO වෙතින් Tata SIGNA Prime Movers


Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන International Logistics & Movers (Pvt) Ltd (ILM) වෙත Tata SIGNA Prime Movers, රථ 22 ක් ලබාදීම පසුගියදා සිදු කරන ලදී.

මෙරට වෙළෙඳපොළ, වාහන ආනයනය සඳහා විවෘත කිරීමෙන් පසුව සිදු කරන ලද මෙම වෙළෙඳ වාහන සැපයුම ශ්‍රී ලංකාවේ වෙළෙඳ වාහන ක්ෂේත්‍රය තුළ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරයි. Prime Movers කාණ්ඩයේ මෙරට අංක 01 තේරීම බවට පත්වෙමින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී පමණක් Tata Prime Movers රථ 100කට අධික ගණනක් අලෙවි කිරීමට DIMO සමත් වී තිබේ.

එමෙන්ම ගබඩා, ප්‍රවාහන, රේගු තැරැව්කාර කටයුතු ඇතුළු මෙහෙයුම් කටයුතු සහ ව්‍යාපෘති භාණ්ඩ ප්‍රවාහන විසඳුම් සැපයීම ආදිය සම්බන්ධයෙන් ප්‍රධාන සැපයුම්කරුවකු ලෙස කටයුතු කරන ILM ආයතනය මුල් අදියරේදී ලබා දුන් Tata SIGNA Prime Movers රථ 22, Prime Movers රථ ඒකක 50 දක්වා කඩිනමින් පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත.

මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ILM හි උපායමාර්ගික පියවරක් ලෙස සිය ප්‍රවාහන මෙහෙයුම් සඳහා යොදාගන්නා රථවාහන ප්‍රමාණය පුළුල් කිරීමෙන් කොළඹ සහ හම්බන්තොට වරායවල අන්තර් පර්යන්ත ප්‍රවාහන මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීම මෙහි මූලික අරමුණයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් International Logistics & Movers (Pvt) Ltd හි සභාපති සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී හැඩ්ලි රොද්‍රිගෝ මහතා මෙසේ පැවසුවේය. “Tata SIGNA Prime Movers නිර්මාණය කර ඇත්තේ ප්‍රවාහන මෙහෙයුම් සඳහා වැදගත් වන වැඩි බරක් දරා ගැනීමේ හැකියාව, වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ උසස් රියැදුරු සුව පහසුව සමගින් වීම විශේෂත්වයක්. ILM මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා Tata වාහන තෝරා ගැනීම කෙරෙහි තීරණාත්මක සාධක ලෙස DIMO හි අසමසම අලෙවියෙන් පසු සේවාව හේතු වුණා.”

DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙහි වැදගත්කම පිළිබඳ අවධාරණය කළේ මෙසේය. “DIMO සහ Tata සතු නිෂ්පාදන ගුණාත්මකභාවය කෙරෙහි පවතින විශ්වසනීයත්වය මෙම මිලදී ගැනීමෙන් පසක් කර තිබෙනවා. DIMO, මුළු රටම ආවරණය වන පරිදි පැය විසිහතර පුරාම ලබාදෙන මාර්ගස්ථ උපකාරක සේවය සහ අසමසම අලෙවියෙන් පසු සේවාව සමග ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා මාවත් විවර කරමින්, ඉතා ඵලදායී වෙළෙඳ වාහන සැපයීමක් සඳහා දක්වන කැපවීම මෙයින් මැනවින් ප්‍රදර්ශනය කරනවා. නවීන වෙළෙඳ වාහන සදහා දිනෙන් දින වර්ධනය වන ඉල්ලු‍ම සපුරාලීම සඳහා උසස් ඉංජිනේරු තාක්ෂණය සමග අති නවීන විශේෂාංග එක් කරමින් නිර්මාණය කළ මෙම Tata SIGNA prime movers මගින් දිගුකාලීන වටිනාකමක් සහ උසස් ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන් වෙත පිරිනමනවා.”‍

ILM විසින් Tata LPS 5530 SIGNA Prime Movers සහ Tata LPS 4018 SIGNA මාදිලි ද්විත්වය සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය සඳහා භාවිත කිරීමට තෝරාගෙන ඇති අතර එමගින් පෙර වාහන මාදිලිවලට වඩා වැඩි බර ධාරිතාවක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබී තිබේ. උපරිම ආයු කාලය සහ ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුත් Tata SIGNA Prime Movers වැඩිදියුණු කළ එන්ජිමක් සහ 9-speed GRT ගියර් පද්ධතියකින් සමන්විත වේ.

 



අදහස් (0)

ඉන්ටර්නැෂනල් ලොජිස්ට්ක්ස් සමාගමට DIMO වෙතින් Tata SIGNA Prime Movers

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2046 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1572 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site