IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉදිරියේ දී බිස්නස්වලට හොඳ තත්වයක් උදාවේවි

සිහින නිවසක්, තමාගේම කියා ව්‍යාපාරයක් යනු සෑම කෙනකුගේම හිතේ ඇඳී තිබෙන ආවේණික සිතුවමකි. ගෘහ අභ්‍යන්තර අලංකරණය යනු අවකාශයක ගුණාත්මක බව වැඩි කිරීමයි. මෙහිදී අවකාශය වශයෙන් සලකනුයේ කාමරයේ බිත්ති හතරට සීමාවන හා සිවිලිම, පොළොව යන කොටස් හය වටාවන සම්පූර්ණ ප්‍රමාණයයි. එම අවකාශයේ අලංකාරය සඳහා හිමිකරුවා භාවිත කරන ගෘහභාණ්ඩ පමණක් නොව පොළොව සඳහා යොදා ගන්නා සිමෙන්ති, ටයිල්, ටයිටේනියම්, ලී වර්ග ද සිවිළිමේ නිමාව, විදුලි බල්බ, විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, බිත්ති වර්ණක යනාදිය හේතුවනු ඇත. වර්තමානය වන විට ගෘහ අලංකරණය සඳහා විවිධ මාදිලියේ විදුලි බුබුළු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ දැඩි රුචිකත්වයක් දැක්වීමත් සමග ඒ වටා වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. 

අවුරුදු සමයේ බිස්නස්වල තත්වය කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමටත් ගිය ගමනේ දී නුගේගොඩ නාවින්න නගරයේ HD Homedepot වෙළෙඳ ආයතනයේ භාරකරුවන මින්හාජ් මරුසු මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

අවුරුදු කාල සීමාවේ වෙළෙඳසැල වහල තිබුණ නිසා බිස්නස් එකක් තිබුණේ නැහැ. සෑම වසරකම සීසන් එකත් එක්ක තියෙන බිස්නස් එක මේ පාරත් ඒ විදිහටම තිබුණා. ගිය වසරට සාපේක්ෂව මෙච්චර අගයකින් වැඩිවෙලා කියලා සංකේතාත්මක අගයක් කියන්න බැහැ. සුපුරුදු පරිදි බිස්නස් පවත්වා ගෙන යනවා. 

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

ගෘහ අලංකරණය සඳහා යොදා ගන්නා විවිධ මාදිලියේ විදුලි බුබුළු වර්ග පාරිභෝගිකයන්ට අප ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. අවුරුදු නවයක කාල සීමාවක සිට ව්‍යාපාරය පවත්වාගෙන යනවා. අප ආයතනයේ වෙළෙඳ සහයකයන් හත් දෙනෙක් සේවය කරනවා. 

පසුගිය වසරවල ආනයනික භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමේ ප්‍රශ්නයක් තිබුණා. එහෙත් මේ වෙද්දී එම තත්වය යම්තාක් දුරට පාලනයවීමක් වෙලා තියෙනවා. භාණ්ඩවල මිලේ වෙනසක් වෙලා නැහැ. එහෙත් සීසන් එකත් එක්ක යම් සහන මිලක් යටතේ පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව සලසලා තියෙන්නේ. එනිසා බිස්නස් එක යම් මට්ටමකට පවත්වාගෙන යෑමේ හැකියාව පවතිනවා. ඉදිරියේ දී භාණ්ඩ ආනයනයේ දී ලැබෙන සහන එක්ක භාණ්ඩවල මිල වෙනස් වෙන්න පුළුවන්. දැනට පවතින තත්වයට වඩා ඉදිරියේ දී හොඳ තත්වයක් උදාවෙයි කියලා හිතනවා.

මනීෂා වීරසිංහ
ඡායාරූප : 
ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

ඉදිරියේ දී බිස්නස්වලට හොඳ තත්වයක් උදාවේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site