IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ අදායම් ඉලක්ක සියයට 99ක් සපුරාගෙන

විමුක්ති එස් රුද්‍රිගු


ගියවර අයවැයේ රජයේ අදායම් ඉලක්ක සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සපුරාගෙන තිබෙන බවත් මෙම වසරේද රජයේ අදායම් ඉලක්ක සපුරා ගැනීමට ජාතික ජන බලවේග රජය බලාපොරොත්තු වන බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ(19) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ දැනුවත් කිරීමේ වැඩසටහනකදී ප්‍රකාශ කළේය. ආර්ථික ස්ථාවර කිරීම සඳහා රටක හරිත මූල්‍යකරණය දියුණු කිරීම ඉතා වැදගත් බවත් එයට කොටස් කීපයක් අවශ්‍ය බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. ස්ථාවරත්වය ඉන් එක කොටසක් බවද මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවැසුවේය.

තිරසාර මූල්‍යකරණයකට ව්‍යාපාරික හරිත පද්ධතිය දියණු කිරීමට ඉතා වැදගත් යන තේමාව යටතේ පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටනට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂක ටකෆුමි කඩානෝ ටකෆුමි කඩානෝ මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

ස්ථාවරත්වය පිළිබඳ කතා කරනවිට එයට දේශය සඳහා වන තිරසාර මූල්‍යකරණ විසඳුම් අයත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. එම විසඳුම් සාර්ථක අයුරින් වර්ධන කර ගැනීමට ස්ථාවර හරිත මූල්‍ය පද්ධතියක් අවශ්‍ය වන බවත් ස්ථාවරත්වය යන්නෙන් දේශපාලන ස්ථාවරත්වය, සමාජීය ස්ථාවරත්වය, ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව, ව්‍යාපාරවලට අනාගතය දෙස බලමින් පුරෝකථනය කළ හැකිවීම සහ සැලසුම් කිරීම අදහස් කරන බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. නව රජය රට අරාජික කරනු ඇතැයි ඇතැම් පාර්ශ්ව බලාපොරොත්තුව වූ බවත් නමුත් රජය රට අරාජික කරනවා වෙනුවට ස්ථාවර කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

 



අදහස් (1)

ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ අදායම් ඉලක්ක සියයට 99ක් සපුරාගෙන

ගුණරත්න Thursday, 20 March 2025 10:01 PM

ගියවර අයවැය කියන්නේ පසුගිය රජයේ අයවැය. එහි ආදායම් ඉලක්ක 99% සපිරුවා කියන්නේ විපක්ෂයේ ඉඳලා ආණ්ඩුව බාරගත්තු අලුත් මුදල් ඇමැති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site