යොහාන් භාසුර
ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන ඉතාලි සමාගමක් වන ‘බෙන්ජි’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 35 ක ව්‍යාපාර පුළුල් කිරීමේ ගිවිසුමක් පසුගියදා අත්සන් කළේය.
එම සමාගමේ මව් සමාගම වන ඔනිවර්ස්, දේශීය ව්‍යාපාරික පරිසර පද්ධතිය පිළිබඳ පුළුල් අවබෝධය සහ රට තුළ ව්‍යාපාර සාමාන්‍යකරණය කිරීම පිළිබඳ විශ්වාසය අලුත් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ වැඩි ආයෝජනයක් කිරීමට තීරණය කර තිබේ.
මෙම නව ප්‍රාග්ධන එකතු කිරීම සමඟ වැඩි ධාරිතාවක් සහ වැඩිදියුණු කළ ගුණාත්මකභාවයක් සහිත නව තාක්ෂණය මත පදනම් වූ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා එක්කිරීමට කටයුතු කරයි. ඒත් සමඟම ‘බෙන්ජි’ සමාගම නිෂ්පාදනයේ සියයට 35 ක වර්ධනයක් බලාපොරොත්තු වෙයි.
බෙන්ජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජියෝ ටොන්ට්‍රයෝර් මහතා පැවසුවේ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ශ්‍රී ලංකාවේ මානව සම්පත් වඩාත් වැදගත්කම සාධකය බවයි. ලොව වඩාත් ප්‍රචලිත සමාගමක් වන ‘ඔනිවර්ස්’ සමූහයේ සියලුම සමාගම්වල වර්තමානය වන විට පුද්ගලයෝ 15,000 ක් පමණ සේවය කරති. වර්තමානය වන විට බෙන්ජි සමාගම ‘බ්‍රා කප්’ මිලියන 30 ක් නිෂ්පාදනය කරන අතර චීනයෙන් බ්‍රා කප් ආනයනය බිංදුව දක්වා අඩු කරමින් බෙන්ජි සමාගමෙන් ‘බ්‍රා කප්’ ඇණවුම් කිරීමට ලොව පුරා ඉල්ලුම්කරුවන් එම සමාගම වටා රොක්වෙමින් සිටී.
ඒ හේතුවෙන් මෙම ආයෝජනය විදේශ විනිමය ගලා ඒම වැඩි කරනවා පමණක් නොව ඩොලර් රටින් පිට වීම ද අඩු වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉතාලි ‘බෙන්ජි’ සමාගමෙන් ඩො.මි. 35 ක ආයෝජනයක්