IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමරිකානු බදු අවදානමට වෙළෙඳපොළ හැසිරීම

ඇමරිකා එක්සත් ජනනපදය සිය බදු ප්‍රතිපත්තිය හසුරුවන ආකාරය දෙස ජාත්‍යන්තරය නිරීක්ෂණය කරන අතර ලෝකයේ වෙළෙඳපොළ ගණනාවක මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. ආසියා පැසිපික් කලාපයේ වඩාත් අවධානයට ගැනෙන වෙළෙඳපොළවල සුළු අඩුවැඩිවීම් දර්ශකවල දී පෙන්වන ලද නමුත් එහි බරපතළ වෙනස්කම් පෙන්නුම් කළේ නැත. කොළඹ කොටස් වෙළෙදඳපොළ ගනුදෙනුවල දී ලාබ ලැබීමේ අවස්ථා කෙරෙහි නැඹුරුව පෙන්නුම් කරන ලද බව සඳහන් කළ හැක. පසුගිය සති කිහිපය තුළ ඉහළ ගිය සමාගම්වල කොටස් අඩුඩ මිලට විකිණීමේ ප්‍රයත්න අවසානයේ දී දර්ශක පිරිහීමක් සිදුවිය.

සංචාරක අංශයේ ප්‍රවණතා, රජයේ ආදායම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවතින යහපත් බැඳීම, ආයෝජන මණ්ඩලය දක්වන ප්‍රගතිය සහ අපනයන අංශයේ දියුණුව සලකන පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි යම් සාධනීය බවක් පවතී. පසුගිය මැයි මාසයේ දී රු. බිලියන 133 ක් දක්වා පෞද්ගලික අංශයේ ණය ගැනීම් වර්ධනය වී තිබීම ද කර්මාන්ත හා ව්‍යාපාර සම්බන්ධ අනාගත පැවැත්ම පෙන්නුම් කරයි. මෙවැනි ලක්ෂණ අනුව කොටස් වෙළෙඳාම කෙරෙහි තරගකාරීත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකිය. 

ඊයේ (ජුනි 07) ගනුදෙනු අවසන් වූ පසු වෙළෙඳපොළ දර්ශක පහත වැටීමක් නිරීක්ෂණය කළ හැකි විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,042.20 ක් දක්වා පහත වැටුණු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 106.14 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,348.43 ක් වශයෙන් අවසන් විය. එය කලින් ගනුදෙනු දිනයට සාපේක්ෂව දර්ශක 17.60 ක අඩුවීමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. මිලියන 2,419.31 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 22,590 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 153.8 ක් විය. සමාගම් 93 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 132 කි. 

සම්පත් බැංකුව රු. මිලියන 156 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 144 ක්, ඩොක්යාඞ් රු. මිලියන 134 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 120 ක්, විලිබල් ෆිනෑන්ස් රු. මිලියන 100 ක්, මාස්ටර් ක්‍රොප් රු. මිලියන 100 ක්, හේලීස් රු. මිලියන 48 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 47 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 46 ක්, හේලීස් පැබ්රික් රු. මිලියන 44 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 41 ක්, එල්.වී.එල්. එනර්ජි රු. මිලියන 38 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 38 ක්, එල්.ඕ.එල්.සී. රු. මිලියන 35 ක්, සහ ටීජේ ලංකා රු. මිලියන 33 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

ඇමරිකානු බදු අවදානමට වෙළෙඳපොළ හැසිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site