අලුත් බදු ප්‍රතිශත සම්බන්ධයෙන් ලෝකයේ සියලුම රටවලට කෙළින්ම දැනුම්දෙන ක්‍රමවේදයක් ආරම්භ කරන බව ඇමරිකා එක්සත් ජනපදය ඉකුත් සිකුරාදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවට සියයට හතළිස් හතරක බදු ප්‍රතිශතයක් අලුතින් පැනැවෙනු ඇතැයි දැක්වේ. මෙම ප්‍රතිශත අඩු කරගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණ. දෙරට අතර වෙෙළඳ පරතරය අඩු කරන පියවරක් වශයෙන් ඇමරිකාවෙන් ඉන්ධන ආනයනය කිරීමට උන්නදුවක් ආණ්ඩුවට තිබෙන බව වාර්තාවේ. කෙසේ වෙතත් බදු ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට තුනකින් පමණ අඩු විය හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරයි. අවසානයේ දී ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගයට ද බලපෑමක් විය හැකි බවට අනතුරු අඟවා ඇත.
ඇමරිකානු බදු සහ අපනයනය සම්බන්ධ ඉදිරි ප්‍රවණතා කොළඹ කොටස් වෙෙළඳපොළ ගනුදෙනු කෙරෙහි පීඩනයක් ඇති කරන්නට ඉඩ තිබේ. අපනයන අංශ ආවරණය කරන සමාගම්වල කොටස් ඉල්ලුම අඩුවිය හැකිය. ඉකුත් සිකුරාදා (ජුනි 04) ගනුදෙනු අවසන් වූ පසු වෙෙළඳ පොළ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,148.34 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 47.42 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,366.03 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 18.63 ක පිබිදීමක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් මිලියන 6,762.25 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 25,376 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 156.1 ක් විය. සමාගම් 117 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 113 කි. විදේශීය සහභාගීත්වය සලකා බලන පසු මෙදින සුළු ප්‍රමාණයකින් රටට ආදායමක් ලැබුණි. මිල දී ගැනීම් රුපියල් මිලියන 1,158.14 ක් වූ අතර විකිණීම් රුපියල් මිලියන 1,140.93 කි. සතියේ මුල් භාගයේ තිබුණ විදේශ විනිමය අහිමිවීමේ ප්‍රවණතාව අවසන් ද යන්න සලකා බැලිය යුතුව ඇත. කොටස් මිල දී ගැනීමට සුදුසු වාතාවරණයක් තවමත් තිබේ. සමාගම් විස්සක කොටස් මිල සතිපනස් දෙකක ඉතිහාසයේ වැඩිම මිලට පැමිණ ඇත. තවත් සමාගම් තුනක කොටස් මිල එම කාලයේ අඩුම මිලට පහත වැටී තිබේ.
නිරීක්ෂක
2025 ඔක්තෝබර් මස 08
1968
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමරිකානු බදු අපනයන වාසිය අඩු කරන අවදානමක්