විමුක්ති එස් රුද්‍රිගු
ලබන වසර මුලදී ක්‍රියාත්මක වීමට නියමිත ලිහිල් කරන ලද වෙළෙඳ නීති යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයන්ට පෙර නොතිබූ ප්‍රවේශයක් බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ලැබෙනු ඇතැයි මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (19) ප්‍රකාශ කළේය.
වෙළෙඳ නීති ලිහිල් කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයට අපනයනය කරන ඇඟලුම් නිෂ්පාදන සඳහා ලෝකයේ ඕනෑම රටකින් සියයට සියයක් ප්‍රතිශතයක් දක්වා ඒ ඒ ඇඟලුම් නිෂ්පාදන මත පදනම්ව මෙරටට අමුද්‍රව්‍ය ගෙන්වා නිෂ්පාදන කටයුතු කිරීමට මෙරට ඇඟලුම් නිෂ්පාදකයන්ට අවස්ථාව හිමිවන බවද මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ක්‍රියාත්මක වන වෙළෙඳ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව වැඩි වාසි ලැබෙන රටවල් ගොන්නට අයත් බවත් වර්තමානයේ ක්‍රියාත්මක නීතියට අනුව නිෂ්පාදන සඳහා දකුණු ආසියානු රටවලින් අමුද්‍රව්‍ය ලබා ගන්නේ නම් සහ පනවා තිබෙන සීමාවලට අදාළව කටයුතු කර තිබේ නම් පමණක් ඒ නිෂ්පාදන සඳහා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට තීරු බදු ප්‍රවේශය හිමිවන බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
වෙළෙඳ නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්
ඇන්ඩෲ පැට්‍රික් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට ලැබෙන සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කිරීමට හැකියාව ලැබීම පිළිබඳව තමන් සතුටට පත්වන බවයි. වෙළෙඳ නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය මෙරට ඇඟලුම් කර්මාන්තයට ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංසදය සහ බ්‍රිතාන්‍ය සන්නාම සමග සිදුකළ සාකච්ඡාවලදී තමන්ට තහවුරු වූ බව මහ කොමසාරිස්වරයා පැවැසුවේය. එසේම එය බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ නිෂ්පාදනවල මිල අඩු වීමටද හේතුවක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය සමග ව්‍යාපාර සඳහා වූ කවුන්සිලයේ සභාපති මාර්ක් සර්ජෙනෝර් ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලබන වසර මුලදී බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ක්‍රියාත්මක වන වෙළෙඳ ක්‍රමයට සිදුවන වෙනස්කම්වලින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට සිදුකරන අපනයන තවත් ශක්තිමත් වනු ඇති බවයි. මේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ලබාගත් ජයග්‍රහණයක් බවත් නව නීති යටතේ මෙරට ඇඟලුම් නිෂ්පාදන වැඩි ප්‍රමාණයකට තීරු බදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට පැමිණීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඟලුම් නිෂ්පාදකයන්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට පෙර නොතිබූ ප්‍රවේශයක්