IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගත් කොටස් වෙළඳපොළ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය පදනම් පොලී අනුපාත වෙනස් කරනු ඇති බවට අදහසක් වෙළෙඳ පො​ළ තුළ තිබුණි. මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය කර ඇති පරිදි පසුගිය කාලයේ පවත්වාගෙන ගිය සියයට 7.5 ක පදනම් අනුපාත වෙනස් නොකිරීමට තීරණය කර ඇත. පොලී අනුපාත වෙනස් කළ හොත් එය ආර්ථිකය සක්‍රීය කරන තීන්දුවක් විය හැකිය. පුද්ගලික අංශයේ ණය ගැනීම් තව දුරටත් ඉහළ යන්නට ඉඩ තිබුණි.

 එවැනි ස්වභාවයකින් ඉල්ලුම ඉහළ යන අතර, එය පාලනය කිරීමේ දූෂ්කරතා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවබෝධ කරගෙන ඇති බව පෙනේ. ආර්ථික වර්ධනය ඇති කිරීමේ දී කිසියම් පාලනයක් අවශ්‍ය අතර, සැපයුම සඳහා ප්‍රමාණවත් ධනය නොමැති අවස්ථාවක ඉල්ලුම ඉහළයෑම අවදානමක් බව තීරණය කර ඇති බව පෙනේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරෙන ආකාරය කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශ දිරිමත් කරන බව නිරීක්ෂණය කළ හැකිය. වරින්වර සුළු පසුබෑම් තිබිය දී පවා වර්ධනයක් කරා තව දුරටත් ගමන් කරමින් සිටී. මෙම සතියේ ගෙවී ගිය දින දෙකක කාලය තුළ පසුබෑමකට පසු වර්ධනයක් තිබුණ නමුත් ඊයේ (ජුලි 23) ආරම්භයේ සිට ස්ථාවර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය. රුපියල් මිලියන 231 ක කොටස් මිල දී ගන්නා අතර විකිණීම් රු. මිලියන 331 කි. මෙම සතියේ දින තුනක කාලය තුළ පමණක් රු. මිලියන 259 ක ශුද්ධ අවාසියක් රටට සිදු වී තිබේ.

පෙරේදා (ජුලි 22) කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,243.08 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 151.15 ක දියුණුවීමකි. එස් ඇන්ඩීපී ශ්‍රී ලංකා දර්ශකය 5,689.62 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 32.00 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 6.23 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 39,042 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 253.3 ක් විය. සමාගම් 172 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 79 කි. 

ඩී.එෆ්.සී.සී. රු. මිලියන 360 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 230 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 226 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රු. මිලියන 223 ක්, ඩොක්යාඩ් රු. මිලියන 197 ක්, එන්.ඩී.බී. රු. මිලියන 196 ක්, පෑන් ඒෂියා රු. මිලියන 157 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 132 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 117 ක් ආදි වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගත් කොටස් වෙළඳපොළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site