IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආර්ථික ප්‍රවණතා අවධානයට ගත් දවසක්

ගනුදෙනු දින හතරක් තුළ හතරවතාවක් දෝලනය වූ කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත වතාවක් සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවීය. මෙම දෝලනය තුළ ලාබ ඉපැයීම පමණක් නොව ඉදිරියට තවත් ඉලක්කයක් කරා වර්ධනය ද අඟවන බව සඳහන් කළ යුතුව තිබේ. 
අලුත්ම බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව 2018 වසරේ දී අත්කරගෙන තිබුණ ආර්ථිකයට සමාන තත්වයක් ළඟාකරගැනීම සඳහා වසර 2026 තෙක් කල්ගතවනු ඇතැයි එහි අනාවරණය කර ඇත. ලබන වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.5 ක් හා 2026 වසරේ දී සියයට 2.9 ක වර්ධනයක් පවතිනු ඇති බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි. ආණ්ඩුව හා මහජනතාවගේ බලාපොරාත්තු සම්බන්ධ පරතරය මෙම ඉලක්කම්වලින් පෙන්වා දී තිබේ. 
ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරෙන ආකාරය අනුව කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශ කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ. දිනපතා උච්ඡාවචන වාර්තාවන අතර ඊයේ දිනයේ දී ද, ගනුදෙනු මධ්‍යහ්නය වන විට තියුණු පසුබෑමක සිට වෙළෙඳපොළ අවසන් කරන පසු යහපත් පිබිදීමක් දක්වා පරිවර්තනයවී තිබුණි. කෙසේ වෙතත් විදේශ විකිණීම් බහුලය. ඊයේ රුපියල් මිලියන 122 ක කොටස් මිල දී ගන්නා අතර විකිණීම් රුපියල් මිලියන 160 කි. මෙම සතියේ දින දෙක තුළ පමණක් රුපියල් මිලියන 159 ක ශුද්ධ අවාසියක් රටට සිදු වී තිබේ.
ඊයේ (ජුනි 22) කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,091.93 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 47.85 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,657.62 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.63ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 5.96 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 37,940 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 203.8 ක් විය. සමාගම් 149 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 101කි. 
ඩී. එෆ්.සී.සී. රුපියල් මිලියන 479ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රුපියල් මිලියන 329 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක



අදහස් (0)

ආර්ථික ප්‍රවණතා අවධානයට ගත් දවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site