නිමල කොඩිතුවක්කු
ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මධ්‍ය කාලීන රාමුවක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5කට වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. තිරසර ආර්ථික සංවර්ධනයක් සහ ආර්ථික ස්ථායීතාවක් ළඟාකර ගැනීම සඳහා ආයෝජන හිතකර ප්‍රතිපත්ති සම්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ අපනයන විවිධාංගීකරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
කෙසේ වුවද, පසුගිය දශක කිහිපයේ පෞද්ගලික ආයෝජන පහළ මට්ටමක පැවතී ඇති බැවින් සහ රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 - 5ක් පමණ වන බැවින් අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, කාර්යක්ෂමතාව සහ ජාතික ආර්ථික අරමුණු කෙරෙහි යොමුගත වීම තහවුරු කර ගනිමින් ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සාකච්ඡා අධීක්ෂණය හා ඒ සඳහා පහසුකම් සැලසීම පිණිස ආර්ථීක කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව ස්ථාපිත කිරීම පිණිස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
135
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආර්ථික කළමනාකරණය පිළිබඳ විශේෂ කමිටුවක්