IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳවැටිලා


ඇමෙරිකාවේ තීරු බද්ද හේතුවෙන් මතුව ඇති අවිනිශ්චිතතාව මෙරට ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳ දමා ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී. මැයි සංස්කරණය වාර්තා කර ඇත.

ඉදිරියේදී නිකුත් වීමට නියමිත මැයි සංස්කරණයේ විශේෂ පිටපතක් එෆ්.ටී. පුවත්පත ලබාදෙමින් එම සඟරාව ප්‍රකාශ කර සිටියේ, මෙරට ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව තුළ පැවති විශ්වාසය හිටි හැටියේ කඩාවැටී ඇති බවත්, ඒ හේතුවෙන් මෑත මාසවල පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ වාර්තා කළ ඉහළ මට්ටම පසුපසට තල්ලු‍ කර ඇති බවත්ය.

එල්.එම්.ඩී - පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ අගය පසුගිය පෙබරවාරි මස 204 මට්ටම දක්වා වාර්තාගත ලෙස ළඟා වූ අතර, පසුගිය මාර්තු මාසයේදී එය 197 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. කෙසේ නමුත් මතුව ඇති අවිනිශ්චිතතා මධ්‍යයේ පදනම් ලකුණු 25 කින් 172 දක්වා අප්‍රේල් මාසයේ එල්.එම්.ඩී - පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ අගය පහත වැටී ඇතැයි එම ව්‍යාපාරික සඟරාව පැවැසුවේය.

මෙලෙස දර්ශක අගය පහළ ගියද මෙතෙක් එම දර්ශකයේ මැදි අගය වන 123ට වඩා පදනම් ලකුණු 49 කින් සහ පසුගිය මාස 12 සාමාන්‍ය අගය වන 144 ට වඩා පදනම් ලකුණු 28 කින් අප්‍රේල් මස එල්.එම්.ඩී - පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ඉහළ මට්ටමක සිටින බව එම සඟරාව ප්‍රකාශ කළේය. එසේම පසුගිය වසරේ අප්‍රේල් මසයේදී එල්.එම්.ඩී - පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ අගය 96 ක් ලෙස සටහන්වූ බවද එල්.එම්.ඩී. සඟරාව පෙන්වා දුන්නේය.

පෙපර් කියුබ් උපදේශකයන්ට අනුව ඇමෙරිකා තීරු බද්ද සහ මෙවර අයවැය කෙරෙහි වර්ධනය වන දේශීය අතෘප්තිය වැනි බාහිර බාධක ව්‍යාපාර මනෝභාවයන් වෙනස් වීමට සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇත. එල්.එම්.ඩී. සඟරාවේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර සිටියේ එල්.එම්.ඩී. - පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ ඉදිරි ගමන් මග, ශ්‍රී ලංකා රජය ඇමෙරිකාව පනවා ඇති තීරු බද්ද ලිහිල් කරගැනීමට හෝ ඉවත් කරගැනීමට ඇමෙරිකානු පාර්ශ්වය මත කටයුතු කරන ආකාරය සහ රජය මැතිවරණ පොරොන්දු ඉටුකරන ආකාරය මත රඳා පවතිනු ඇති බවයි.

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සහ ශ්‍රී ලංකා රුපියලේ ඉරණමද ව්‍යාපාරික ප්‍රජාවගේ අවධානයට ලක්වන ලැයිස්තුවේ පවතිනු ඇතැයි එම ප්‍රකාශකයා පැවැසුවේය. 



අදහස් (0)

ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳවැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site