
නව රජයක් තේරී පත්වීමත් සමග රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ සුබවාදී අදහස් මෙන්ම ධනාත්මක බලාපොරොත්තු ඇතිව තිබෙන බව මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී සඟරාවේ ජනවාරි කලාපයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජාතික ජන බලවේග රජය සිදුකරන බවට පොරොන්දු වූ වෙනස්කම් මෙරට ආර්ථිකය ස්ථාවරත්වයට සහ වර්ධනය කරා රැගෙන යාමට අවශ්‍ය වූ ව්‍යාපාරික ප්‍රජාවට දැනී ඇතැයි එල්.එම්.ඩී සඟරාව පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේදී ලබාගත් ලකුණු 154 ට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී එල්.එම්.ඩී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය පදනම් ලකුණු 20 කින් ඉහළ යමින් 174 දක්වා පැමිණ ඇතැයි එල්.එම්.ඩී සඟරාව කීය. එය 2020 වසරේ ජනවාරි මාසයෙන් පසුව ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව බවද එම සඟරාව පවසයි.
පසුගිය වසරේදී එල්.එම්.ඩී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය අංක තුනක ලකුණක් කරා පැමිණි තෙවැනි අවස්ථාව මෙය බවද එම සඟරාවේ ප්‍රකාශිකාවක් කීවාය.
මහ මැතිවරණයට පෙර ආර්ථික වටපිටාව සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳ අදහස් තවමත් ඒ ආකාරයෙන් පවතින බවත් කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් විකුණුම් පරිමාව පිළිබඳ ශුභවාදී අදහස් එතැන් සිට වැඩිදියුණු වී ඇති බවත් පෙපර් කියුබ් උපදේශකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආර්ථිකය පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු