දුර්වල ආර්ථික වටපිටාවක, ආර්ථිකය සඳහා සුබවාදී දැක්මක් පවතින බව, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD මාර්තු කලාපය පෙන්වා දෙයි.
LMD - පෙපර් කියුබ් දර්ශකය (BCI) පැහැදිලි කරන ආකාරයට, ව්‍යාපාරික ප්‍රජාව තුළ ආර්ථිකය ගැන ඇති විශ්වාසය ශක්තිමත්ව පවතී.
LMD - පෙපර් කියුබ් දර්ශකය සකස් කරන, පෙපර් කියුබ් උපදේශකවරුන් පෙන්වා දෙන්නේ, දිගුකාලීන ආර්ථික වර්ධනය සහ උපායමාර්ග පිළිබඳ උත්සුකයන් අනුව දර්ශකය සකස් කළ බවය.
පෙබරවාරි මාසයේ මුල් සතියේ පැවැත්වූ සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් සියයට 64 ක් ඉදිරි මාස 12 තුළ ආර්ථිකය ‘දියුණු වන’ බවට විශ්වාසය පළ කළ කරන බව LMD මාර්තු කලාපය පැහැදිලි කර ඇත. එය ජනවාරි මාසයේ සිට ලකුණු හයක වැඩිවීමක් පිළිබිඹු කරයි.
“සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයට පෙර ආර්ථිකය පිළිබඳව ශුභවාදීව සිටියේ සියයට 8 ක් යැයි” LMD සඟරාව පැහැදිලි කර ඇත. “පෙබරවාරි මාසයේදී විකුණුම්කරුවන්ගේ වෙනසක් ද සිදුවුණු බව පැහැදිලිය. මත විමසුමට ලක් වූවන්ගෙන් සියයට 90 ක්, ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ විකුණුම් පරිමාවන්හි දියුණුවක් අපේක්ෂා කරනවා” යැයි ද LMD සඟරාව පෙන්වා දෙයි.
මෙය ජනවාරි මාසයට වඩා සියයට 20 ක වැඩිවීමක් පිළිබිඹු කරන බව LMD සටහන් කරයි. “ඉදිරිය දෙස බලන විට, ඉදිරි මාස තුන තුළ ඉහළ විකුණුම් පරිමාවක් පිළිබඳ අපේක්ෂා සියයට 28 කින් ඉහළ ගොස්, සියයට 79 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජනවාරි මාසයේ අඩක් (සියයට 51 ක්) සිට ඉහළ ගොස් ඇත” යැයි LMD කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආර්ථිකයට ව්‍යාපාරිකයන්ගේ සුබවාදී දැක්මක්