IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ආයෝජන සමුළුවේදී ‘‘ආයෝජක දැක්ම’’ විශේෂ සැසියක්

ලංකා වානිජ මණ්ඩලය මගින් ලබන දෙසැම්බර් 02 සහ 03 වැනිදා කොළඹදී සංවිධානය කරනSri Lanka Economic and Investment Summit  2025 හි දෙවැනි දවසේ ප්‍රධානතම ඉසව්වක් ලෙස  “Why Sri Lanka – Investor View” තේමාව යටතේ පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂිත සාකච්ඡා වටයක් පැවැත්වෙන බව පවසයි. 

මෙම සාකච්ඡා වටයේදී උපායමාර්ගික ආයෝජනය, අපනයන පුළුල්කරණය ඇතුළු ප්‍රධාන උපායමාර්ගික කාරණා පිළිබඳව අවධානයට ලක් කරන බව පවසයි. ඒ හරහා දළ ජාතික නිෂ්පාදනය සහ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට යොමු කෙරේ.මෙහිදී ප්‍රධාන දේශනය  IFC South Asia  හි කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆකොයුරි විසින් සිදු කිරීමට නියමිතව තිබේ. පසුව පැවැත්වෙන සාකච්ඡා වටයේදී ආයෝජන පරිසරය සහ තිරසාර දිගුකාලීන ප්‍රාග්ධනයක් ආකර්ෂණය සඳහා කළ යුතු කටයුතු මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කෙරේ. 

මේ සඳහා ආසිආටා ගෘප් බර්හාඩ්හි සමූහ ප්‍රධාන විධායක සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූද්, Variosystems  (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තෙවාන් සතීස්වරන්, යුනිලිවර් ශ්‍රී ලංකාහි සභාපති/ප්‍රධාන විධායක අලි තාරික්, කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලු‍විහාරේ සම්බන්ධ වෙයි. මෙම සාකච්ඡාව මෙහෙයවීම 5-hour International Corporation (පෞද්) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් විසින් සිදු කරයි.



අදහස් (0)

ආයෝජන සමුළුවේදී ‘‘ආයෝජක දැක්ම’’ විශේෂ සැසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 546 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 791 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 338 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site