IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආයෝජන මණ්ඩලයේ වැඩ ඩිජිටල්කරණය වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්ය රැසක්  පසුගිය10 වැනි දින සිට ඩිජිටල්කරණයට ලක්කෙරුණි. ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවෙළේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

නව වැඩපිළිවෙළ යටතේ  මෙතෙක් සාමාන්‍ය ආකරයට කරන ලද ආනයන අපනයන ලියකියවිලි ඉදිරිපත් කිරීම හා ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය වීම, සත්‍යෙක්ෂණ ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය,QR කේතය ඇතුළත් ඩිජිටල්කරණය කරන ලද ගේට් පාස් සහිත අපනයන සත්‍යාපන කළමනාකරණ පද්ධතියක් දියත් කිරීම නව වැඩ සටහනට අනුව සිදු කරයි.

මේ තුළින් විද්‍යුත් ගෙවීම් පහසුකම් පැය 24 පුරා සම්පූර්ණ සේවාව, විනිවිදභාවය, මානව සම්පත් අඩු කිරීම සහ පිරිවැය ඉතිරි කිරීම සිදු වනු ඇත. නව වැඩපිළිවෙළ හදුන්වාදීමත් සමග ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ සානු බලයක් හිමි වේ.

මෙම ආයතනයේ සේවා අපේක්ෂාවෙන් ආනයන අපනයන කටයුතු සිදු කරන සමාගම්වල නියෝජිතයන් විශාල පිරිසක් දිනපතා පැමිණෙන අතර, මෙතෙක් ඒ සදහා පැවතියේ පෝරම පුරවන, බලපත්‍ර නිකුත් කරන  යල් පැනගිය ක්‍රමවේදයකි. නව ක්‍රමය යටතේ මෙම සියලු‍ ක්‍රමවේද නව්‍යකරණය වෙමින් ඩිජිටල් හදුනා ගැනීමක් සමග ඩිජිටල් පද්ධතියෙන් අදාළ අනුමැතිය ලබාදිම ඇතුළු සියලු‍ කාර්ය  කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩ සටහනේ ආරම්භක පියවර ලෙස ඩිජිටල් ගේට්ටු අවසරපත් නිකුත් කිරීම ආරම්භ විය.

ආරම්භක අවස්ථාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (0)

ආයෝජන මණ්ඩලයේ වැඩ ඩිජිටල්කරණය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site