
භානුක අමරසිංහ
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වයත් සමගින්ම එළවළු මිල ගණන් ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් වාර්තා විය. විශේෂයෙන්ම නුවරඑළිය, වැලිමඩ ඇතුළු ප්‍රදේශවල පවතින දරුණු ආපදා තත්වයත් සමගින්ම සැපයුම් සීමාවීම හේතුවෙන් කොළඹ කොටුව සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලදී උඩරට එළවළු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ දිනයේදී කොළඹ කොටුව එළවළු වෙළෙඳපොළේ බෝංචි කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 650.00ක් වූ අතර, පෙර දිනයේදී එය රුපියල් 550.00 ක් විය. කැරට් කිලෝග්‍රෑමයක සිල්ලර මිල ඊයේ රුපියල් 330.00ක් ලෙස සටහන් වූ අතර, පෙර දිනයේ එය රුපියල් 250.00 ක් විය. එසේම ගෝවා කිලෝවක් රුපියල් 150.00 සිට 180.00ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ඇඹිලිපිටිය, ගලේවෙල/ බකමුණ යන ප්‍රදේශවලින් ලැබෙන සැපයුම් සීමාවීමත් සමගින්ම තක්කාලි කිලෝවක් කොළඹදී රුපියල් 200.00 සිට 250.00 ක් දක්වාත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලැබෙන සැපයුම් සීමා වීම නිසා අමු මිරිස් කිලෝග්‍රෑමයක් කොළඹ කොටුව වෙළෙඳපොළේදී රුපියල් 450.00 සිට 550.00 ක් දක්වාත්, දඹුල්ලේදී රුපියල් 310.00 සිට 455.00ක් දක්වාත් ඉහළ නැග තිබුණි.
මේ අතර ඇතිව තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 51,000ක් පමණ හානියට පත්ව ඇති බවත්, තද සුළං තත්වය හේතුවෙන් බඩ ඉරිඟු අක්කර 21,000ක් පමණ හානියට පත්ව ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1133
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආපදා හේතුවෙන් එළවළු මිල ඉහළට