

ආනයන තහංචි ඉවත් කිරීමෙන් පසු පළමු වරට, සෙවන් සීල්ස් සමාගමේ “වයිකින් ඩ්‍රයිව්” නමැති රෝ-රෝ (RoRo) ) නෞකාව, භාවිත කළ මෝටර් රථ 1,560 ක් රැගෙන පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණියේය. එහි, ටෝයෝටා ලෑන්ඩ් කෘසර්, ප්‍රාඩෝ, BMW මර්සිඩීස් බෙන්ස්, ටෝයෝටා රෙයිස්, හොන්ඩා වෙසල්, ඩයිහට්සු සහ සුසුකි වැගන් ආර් වැනි ජනප්‍රිය මෝටර් රථ මෙන්ම බර වාහන හතරක්ද ඇතුළත් විය.
“ජපානයේ සිට භාවිත කළ වාහන ආනයනය නැවත ආරම්භ වීම, කොවිඩ් වසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකා වෙළඳපොළ යළි ප්‍රකෘතිමත් වීමේ වැදගත් සලකුණක්” යි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පැවසීය.
ලොව ප්‍රකට නැව් සමාගමක් වන සෙවන් සීල්ස් ආයතනයට අයත් “වයිකින් ඩ්‍රයිව්” නෞකාව ජපානයෙන් ගමන් අරඹා, බංග්ලාදේශය හරහා ශ්‍රී ලංකාවට පැමිණේ. සෙවන් සීල්ස් සමාගමේ දේශීය ඒජන්තවරුන් වන මැරීන් ඉන්ටර්නැෂනල් ඒජන්සීස් සමාගම, 2015 සිට 2020 දක්වා, වාහන ආනයන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරායේ වර්ධනයට සුවිශේෂී ලෙස සහය වී ඇත.
‘‘හම්බන්තොට වරාය හරහා දේශීය වාහන ආනයනය පළමුවෙන් ආරම්භ කළේ අපියි,” මැරීන් ඉන්ටර්නැෂනල් ඒජන්සීස් පෞද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතා පැවසීය. “COVID-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝග හේතුවෙන් ඇති වූ විරාමයට පසු දැන් කර්මාන්තය නැවත පණගැන් වී තිබෙනවා.”
තහංචි ඉවත් කිරීමත් සමඟ ආනයන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, සෙවන් සීල්ස් සමාගම මැයි මස ආරම්භයේ තවත් RORO ඒකක තොගයක් නැව්ගත කිරීමට සැලසුම් කොට ඇත. දිග මීටර් 164 ක් සහ පළල මීටර් 28 ක් වන “වයිකින් ඩ්‍රයිව්” නෞකාව වාහන 3,500 ක් පමණ ගෙන යෑමේ ධාරිතාවෙන් සමන්විතය.
අනතුරු අවම කොට, දැඩි ආරක්ෂිත වාතාවරණයක් තුළ, HIP විසින් ලබා දෙන කාර්යක්ෂම සේවය සිය සමාගම අගය කරන බව නිමල් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය. “HIPG විසින් වරායේ කළමනාකරණය භාර ගැනීමත් සමඟ RORO වාහන ආරක්ෂිතව හසුරුවීමේ ක්‍රමවේද මෙන්ම සේවයේ ගුණාත්මකභාවය බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙෙළඳ කර්මාන්තයට ධනාත්මක ප්‍රභවයක්.” ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයන තහංචි ඉවත් කිරීමෙන් පසු පළමු ‘‘සෙවන් සීල්ස් රෝ-රෝ නෞකාව හම්බන්තොට වරායට