IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආනයන අපනයන අනුමැති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට “ජාතික තනි කවුළුවක්”

යොහාන් භාසුර


දේශීය අපනයනකරුවන් සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන්ට අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිරීමට රජය “ජාතික තනි කවුළුව” පහසුකමේ වැදගත්කම හඳුනාගත් බවත් අවශ්‍ය සේවා මාර්ගගතව සැපයීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය සේවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මාර්ගගත ආකාරයෙන් ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

විවිධ මට්ටම්වල කාර්ය සාධනය සමගින් තවත් ආයතන කීපයක් සේවා සැපයීම සඳහා මාර්ගාත ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සැලසීම දැනටමත් ආරම්භ කර ඇති බවත් මෙම ජාතික තනි කවුළුව ව්‍යාපෘතිය සමග දැනට සම්බන්ධ වී සිටින වාණිජ මණ්ඩල පහක් පහ, එනම් ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මෙම පහසුකම් සැලසීම අගය කරන බවත් ඒ මහතා කීය.

තෝරාගත් රජයේ ආයතන කීපයක් සිය සේවා ඩිජිටල් ආකාරවලින් සැපයීම ඔස්සේ රාජ්‍ය ආයතනවලට අපනයන හෝ ආනයනකරුවන් පැමිණීමකින් තොරව අනුකූලතාව සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමේ අවස්ථාව අපනයනකරුවන් සහ ආනයනකරුවන් වෙත දීම මෙහි අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (0)

ආනයන අපනයන අනුමැති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට “ජාතික තනි කවුළුවක්”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site