IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි

  • වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 ක ආදායමක් බලාපොරොත්තු වෙලා
  • වාහන ආනයනය කිරීමට මේ වනතෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක ණයවර ලිපි විවෘත කරලා
  • ශ්‍රී ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් ශක්‍ය කිරීමට  මැදි කාලීන සැලසුමක්
  • ඇමෙරිකාව පැනවූ සියයට 44 ක තීරු බද්ද ක්‍රියාත්මක කළේ නම් ආර්ථිකයට විශාල බලපෑමක්
  • මාර්තු මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගිහින්

විමුක්ති එස් රුද්‍රිගු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ


 

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් විකල්ප ක්‍රියාමාර්ගවලට යෑමට මෙරට රජයට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් ගතහැකි විකල්ප ක්‍රියා මාර්ග මොනවාදැයි දැනටමත් ශ්‍රී ලංකා රජය සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කර තිබෙන බවද පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය. 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.2 ක් වූ රජයේ බදු ආදායම පසුගිය වසරේදී සියයට 13.5 දක්වා ඉහළ නංවාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 ක ආදායමක් ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වූ බවත් එම ඉලක්කය ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගමන් කරන මාර්ගය සුබදායක බවත් පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය. මෙරටට ආනයනය කළ වාහන වලින් සියයට 75 ක් පමණක් අලෙවි වී ඇතත් මෙරටට ගෙන්වූ වාහන වලින් රජයට ලැබිය යුතු ආදායම මේ වනවිට ලැබී අවසන් බවත් වාහන ආනයනය කිරීමට මේ වනතෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක ණයවර ලිපි විවෘත කර ඇති බවත් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.

කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹීම මුල් පියවර පමණක් බවත් ඉන් පසුව ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීම මෙන්ම පෙර එකඟ වූ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ යුතු බවත් පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය.

රාජ්‍ය ව්‍යවසාය වැඩි විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීමත් සපයන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් ශක්‍ය කිරීමට මෙරට රජයට මැදි කාලීන සැලසුමක් තිබෙන බව පෙනී ගියත් එම සැලසුම තවත් වේගවත් විය යුතු බව ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකා ගුවන් සේවය සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට මූල්‍ය උපදේශකයෙක් පත් කර ඇති බවත් රජය මෙවර අයවැයෙන් රුපියල් බිලියන 20 ගුවන් සේවයේ ණය ගෙවීම සඳහා වෙන්කර තිබෙන බවත් එවන් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙම පියවර වේගවත් විය යුතු බවත් ඉක්මනින් ප්‍රගතියක් අත්කර ගත යුතු බවත් ඔහු පැවැසුවේය.

ඇමෙරිකාව මෙරටට පැනවූ සියයට 44ක තීරු බද්ද ක්‍රියාත්මක කළේ නම් මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වීමේ හැකියාව තිබූ බවත් ඇඟලුම් සහ රබර් කර්මාන්තවලට ඉන් වැඩිම බලපෑම එල්ල වීමට හැකියාව තිබූ බවත් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය. ඇඟලුම් කර්මාන්තයේ පමණක් සේවකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් සිටින බවත් ඉන් එම පිරිසට විශාල බලපෑමක් එල්ල විය හැකිව තිබූ බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාගෙන තිබෙන බවත් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන තිබෙන බවත් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය. එසේම පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් මෙරට රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී තිබෙන බවත් ඔහු පැවැසුවේය.

සිව්වැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීමට නම් පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවද පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය. එහි පළමු පියවර වන්නේ විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන විදුලිය ගාස්තුවක් හඳුන්වා දීමට සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට පෙර එකඟවූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම බවත් දෙවැනි පියවර වන්නේ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වය සහ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාගෙන ඇති බව තහවුරු කෙරෙන මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම බවත් ඔහු පැවැසුවේය.



අදහස් (0)

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site