IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ඉල්ලයි

5 වැනි සමාලෝචනය සාකච්ඡාවට ලබන වසරේදී කණ්ඩායමක් මෙරටට


විමුක්ති එස් රුද්‍රිගු


දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්වයෙන් රට යළි ගොඩනැගීමට කඩිනම් මූල්‍යකරණ මෙවලම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක පමණ මුදලක් ඉල්ලා ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ එම ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකා බලමින් සිටින බවත් එම ඉල්ලීමට විධායක කමිටුවේ අනුමැතිය ලැබිය යුතු බවත් ඔහු පැවැසුවේය. මෙම අභියෝගාත්මක කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය නැවත යථා තත්වයට පත් කිරීමට ගන්නා හදිසි උත්සාහයට, නැවත ගොඩ නැගීමට සහ අනාගතයේදී මෙවැනි ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බවද පැපජෝජියෝ මහතා පැවැසුවේය.

සුළි කුණාටුව ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් මෙන්ම විශාල හානියක් සිදුකර තිබෙන බවත් ඉන් පීඩාවට පත් ජනතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ශෝකය පළ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කඩිනම් මූල්‍යකරන මෙවලම යටතේ ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක පමණ මුදල පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙනු ඇතැයි පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් පස්වැනි සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන වසරේදී මෙරටට පැමිණෙනු ඇතැයිද ඔහු පැවැසුවේය.

 කඩිනම් මූල්‍යකරන මෙවලම යටතේ ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබාදෙන්නේ දැනටමත් ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලට අමතරව බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site