IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආචාර්ය සේනකගේ ‘‘How to Use NLP for Sales Success’’ එළිදකී

කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයකු, පුහුණුකරුවකු සහ දේශකයකු වන ආචාර්ය සේනක විජේසිංහ මහතා විසින් රචිත How to Use NLP for Sales Success (අලෙවි සාර්ථකත්වය සඳහා ස්නායු-භාෂාමය වැඩසටහන්කරණය යොදා ගන්නේ කෙසේද?) කෘතිය කොළඹ කිංස්බරි හෝටලයේදී පසුගියදා එළි දක්වන ලදී. 
අලෙවිකරණ වෘත්තිකයන් දිරි ගන්වමින් අලෙවි ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට ස්නායු-භාෂා වැඩසටහන්කරණය යොදා ගන්නා ආකාරය එම කෘතියේ ඇතුළත් වේ. අලෙවිකරණ ක්ෂේත්‍රයේ දශක තුනකට ආසන්න අත්දැකීම් සහිත වෘත්තිකයකු වන විජේසිංහ මහතා ඉතා විශ්ලේෂණාත්මකව එය රචනා කර ඇත. AIA රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරි සරත් චන්ද්‍රසිරි, පුද්ගල පෞරුෂ සංවර්ධන සහ අභිප්‍රේරක පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ආචාර්ය නලින් ජයසූරිය, සුරංජිත් ගොඩගම සහ ශෙහාන් පිලපිටිය ඇතුළු ආරාධිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කෘතිය එළිදැක්වීමේ උළෙල පැවැත්විණි.
එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ පශ්චාත් උපාධියක් ලබා ඇති විජේසිංහ මහතා වරලත් අලෙවි වෘත්තිකයෙකි. ඔහු ව්‍යාපාර කළමනාකරණයට අදාළව ආචාර්ය උපාධියක්ද ලබා තිබේ. වසර 27ක් පුරා ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් රැසක සේවය කළ ඔහු තවත් සමාගම් රැසක බෙදා හැරීම් සහ අලෙවි ප්‍රධානී තනතුර දරා ඇත. ඊට අමතරව ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර ව්‍යවසායකත්ව සංවර්ධන සහ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස සහ පුද්ගල පෞරුෂ සංවර්ධන හා අභිප්‍රේරක දේශකයකු ලෙස කටයුතු කරයි. ඔහු විසින් 2023 වසරේදී ආරම්භ කරනු ලැබූ Agrovista  මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් බවට පත් වී තිබේ. අංශ පහක් යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන එම සමාගම් සමූහය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වේගවත්ම වර්ධනයක් සහිත සමාගම් අතර ඉදිරියෙන්ම සිටී.

 



අදහස් (0)

ආචාර්ය සේනකගේ ‘‘How to Use NLP for Sales Success’’ එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site