
පසුගිය සතියේදී පැවැත්වුණු තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ තේ කොළ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 4.8ක් වූ බව වාර්තා වෙයි. ඒ අනුව මෙය 2024 නොවැම්බර් මාසයේ 26/27 පැවැත්වුණු අංක 47 දරන තේ අලෙවියෙන් පසුව ඉදිරිපත් වූ අඩුම තේ කිලෝග්‍රෑම් ප්‍රමාණය ලෙසින්ද සැලකෙයි.
මේ අතරින් වෙන්දේසියට පෙර තැරැව්කරුවන් සහ මිලදීගන්නන් වෙත තේ සාම්පල ලබා දෙන ex-estate මගින් ඉදිරිපත් කර ඇති තේ ප්‍රමාණය පසුගිය සතියේදී ඉදිරිපත් කළ තේ කිලෝග්‍රෑම් මිලියන 0.8 සිට තේ කිලෝග්‍රෑම් මිලියන 0.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම බටහිර බෑවුමට අයත් වතුයායන්ගෙන් ලැබුණු තේවල ගුණාත්මක බව යම් පහත වැටීමක් පෙන්නුම් කර ඇතැයිද සදහන් වෙයි. මීට අමතරව නැගෙනහිර අංශයේ තේ කැපීපෙනෙන වෙනස්කමක් පෙන්නුම් කර නැත.
මේ වසරේ අංක 11 දරන අවසන් තේ වෙන්දේසිය පසුගිය මාර්තු 18/19 පැවැත්වුණූ අතර, මීළග තේ වෙන්දේසිය මාර්තු 25/26 පැවැත්වෙයි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවසන් තේ වෙන්දේසියේ තේ ප්‍රමාණය කිලෝ මිලියන පහෙනුත් පහළට