IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අවුරුදු සැමරුම් රැසකට මෙල්වා සමාගමේ අනුග්‍රාහකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම නුවරඑළියේදී පැවැත්වුණු 2025 සැළලිහිණි වසන්තය අවුරුදු සැණකෙළිය සඳහා අනුග්‍රාහකත්වය සැපැයීය. එහි ප්‍රධාන අංගයක් වූ නුවරඑලිය 4x4 සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Gregory’s Mud Challenge ධාවන තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේද මෙල්වා සමාගමයි. 
අප්‍රේල් 19 සහ 20 දිනවල පැවැත්වුණු ධාවන තරගාවලිය නැරඹීම සඳහා අති විශාල පිරිසක් එක් වී සිටියහ. නුවරඑළියේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ අවුරුදු සැණකෙළියක් වන සැළලිහිණි වසන්තය සාම්ප්‍රදායික ක්‍රීඩා, සංස්කෘතික අංග සහ වෙනත් සුවිශේෂ අංග රැසකින් සමන්විත වූ අතර සෑම ජන කොටසක්ම නියෝජනය කරන පිරිස් ඊට සහභාගී වූහ. 
මෙල්වා සමාගම අප්‍රේල් මස 16 සිට 26 දක්වා හික්කඩුව, තණබද්දේගම, මාතර, තිස්සමහාරාමය, මොණරාගල, වැලිමඩ, මහනුවර, කුලියාපිටිය, ගලේවෙල සහ රාගම ඇතුළු ප්‍රදේශ රැසක පැවැත්වූ අවුරුදු උත්සව රැසක් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේය. සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්ද හා බැඳුණු සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවැත්වුණු මෙම අවුරුදු උත්සව සඳහා විශාල පිරිසක් එක් වී සිටියහ. මෙල්වා සමාගම ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමය සුරකිමින් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කැප වී සිටී. වෙසක්, දීපාවලි, තෛපොංගල්, නත්තල් සහ රාමසාන් වැනි අනෙකුත් ආගමික සහ සංස්කෘතික උත්සව රැසක් සඳහාද මෙල්වා සමාගම නිරන්තරයෙන් අනුග්‍රහය දක්වයි.



අදහස් (0)

අවුරුදු සැමරුම් රැසකට මෙල්වා සමාගමේ අනුග්‍රාහකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site