IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අවදානම් කළමනාකරණයේ විශිෂ්ටත්වයට අමානා බැංකුවට සම්මාන

අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා ‘ICC Emerging Asia Banking Awards 2024’  හිදී හිමි වූ සම්මානය පිළිගනිමින්

අමානා බැංකුව පසුගියදා පැවති ‘ICC Emerging Asia Banking Awards 2024’ සම්මාන උළෙලේදී අවදානම් කළමනාකරණයේ දැක්වූ විශිෂ්ට කාර්යසාධනය උදෙසා ඇගයීමට ලක් විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ, දකුණු ආසියානු කලාපය ආශ්‍රිත බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීමට ලක් විය. සම්මාන උළෙල සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයද ඉන්දියානු වාණිජ මණ්ඩලය සමග එක්ව කටයුතු කළේ ය. 
අමානා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගනිමින් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් දැක්වී ය. ප්‍රමුඛ පෙළේ බැංකු රැසක් සමග තරග කරමින් මෙම සම්මානය හිමිකර ගැනීමට හැකි වීම අප ලැබූ මහත් ගෞරවයක්. මූල්‍ය විනය, විචක්ෂණ මූල්‍ය ක්‍රමවේද සහ අවදානම් හුවමාරුව  ප්‍රවර්ධනය කරන අමානා බැංකුවේ සුවිශේෂී බැංකුකරණ ආකෘතියේ ශක්තිය මෙම ජයග්‍රහණය මගින් නැවත වරක් තහවුරු වනවා. අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් අප අත්කරගෙන ඇති සාර්ථකත්වයට පදනම් වී ඇත්තේ පරිපූර්ණ අවදානම් කළමනාකරණ රාමුවක් පැවතීම සහ සක්‍රීය ලෙස ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වී කටයුතු කිරීම යන සාධකයයි. ආංශික ආයෝජන කෙරෙහි අවධානය යොමු කිරීම නිසා අපට මූල්‍ය අවදානම ඵලදායී ලෙස කළමනාකරණය කරගනිමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් මූල්‍ය සැපයීමක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් අපගේ කණ්ඩායමට ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. අවදානම් කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන් පෙන්නුම් කළ කැපවීම, මෙම සම්මානය හිමිවීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වුණා. 



අදහස් (0)

අවදානම් කළමනාකරණයේ විශිෂ්ටත්වයට අමානා බැංකුවට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 158 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 643 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1049 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site