(රංජිත් රාජපක්ෂ සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිම හා දේශීය අල ගොවියා රැකගැනීමේ අරමුණින් අද (16) නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් අර්තාපල් පුඩිමක් පිළියෙළ කර පිළිගන්වනු ලැබුහ.
නුවඑළිය වසන්ත උදානයට සමගාමීව නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් මහතා විසින් මෙම පුඩිම පිළියෙළ කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.
අර්තාපල් පුඩිම පිළියෙළ කිරිම ක්‍රීඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර නුවරඑළිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 කට ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිළියෙළ කිරිමේ අවස්ථාවට සහභාගී වුහ.
අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිළියෙළ කරන ලදී.
මෙම අර්තාපල් පුඩිමට සමගමීව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිළීයෙළ කරන ලද ආහාර ද්‍රව්‍යය ඇතුළු අතුරුපස වර්ග 100 ක ප්‍රදර්ශ කුටියක් ද පැවැත්විණි.





2025 නොවැම්බර් මස 21
3
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අල ගොවියා රකින්න අර්තාපල් පුඩිමක්
පිටිගල මිලානෝ Tuesday, 16 April 2019 10:24 AM
තෙල් බහුල පෝෂ්‍ය පදාර්ථ වලින් අඩු සොසේජර්ස් නමැති පිළියෙළ කරන ලද ආහාරය (වැඩිපුර ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවිය හැකි බව යුරෝපයේ දැනුවත් කර ඇත) කෑමෙන් හොඳට ඉගෙන ගන්න සහ ක්‍රිකට් ගහන්න පුළුවන් කියා ලංකාවේ අහිංසක ළමයින්ට රැවටිලි බස් දොඩන කෙනෙක් නේද මෙහි ප්‍රධාන අමුත්තා? ඉතින් වැඩේ හරි යයිද?
කමනි Tuesday, 16 April 2019 05:47 PM
පිටිගල, ඔහොම ගියොත් වතුරවත් බොන්න බැරිවෙයි පිළිකා කාරක තියෙනවා කියලා.
චමින්දWednesday, 17 April 2019 12:17 AM
කමනි හරි
ravi Wednesday, 17 April 2019 08:44 AM
අපි බත් කනවා වගේ ..... සෑම මැදපෙරදිග රටකම අල අහාරයට ගන්නවා .... ඇයි අපිටත් එක අනුගමනය කරන්න බැරි ???
අටකලන් Wednesday, 17 April 2019 10:36 AM
ඔයා අර්තාපල් ගෙනත් කන්න. කවුරුත් තහනම් කරලා නැහැ