IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා කොළඹ නායකත්ව පාසල (Colombo Leadership Academy)  විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සවයකි.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් සමාගම මෙවර මෙම සම්මානය ජයග්‍රහණය කළේ අඛණ්ඩව සත් වැනි වරට වේ. එය අලියාන්ස් ලංකා සමාගමේ අඛණ්ඩ දියුණුව, පුද්ගලයන් සංවර්ධනය කිරීම සහ අනාගතය වෙනුවෙන් නායකයන් සූදානම් කිරීම සඳහා ගෙන ඇති පියවර සාර්ථක වී ඇති බවට කෙරෙන සංඥාවක් ලෙස ද සැලකිය හැකිය.
මෙම සම්මාන උළෙලේ දී විවිධ කාණ්ඩ ඔස්සේ ඔවුන් දැක්වූ විශිෂ්ටත්වය අගය කිරීමක් ලෙස, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විශිෂ්ට නායකයන් නව දෙනෙක් සම්මානයට පාත්‍ර වූහ. එහිදී, අනුරාධ සිරිවර්ධන (Driving Results & Execution Excellence), මලික් ද සිල්වා (Team Effectiveness & Collaboration), දෙව්දිනී දේවපුර (Leadership Integrality & Holistic Approach), හිරුණි අමරවීර (Millennial Manager), මොහොමඩ් ශම්ලි හනීෆ් (Leadership Integrality & Holistic Approach), කුසුම් තේනුවර (Aligning Organizational Vision), රවිඳු පෙරියප්පෙරුම (Team Effectiveness & Collaboration) සමාධි රත්නායක (Millennial Manager) සහ සඳුන් ද සිල්වා (Team Effectiveness & Collaboration) යන අය ඒ ඒ අදාළ කාණ්ඩවලින් සම්මානයට පාත්‍ර වූහ.
මෙම සම්මාන හරහා අලියාන්ස් ලංකා සමාගමේ අඛණ්ඩ දියුණුවට හා සාර්ථකත්වයට උර දුන් අය සහ ඔවුන්ගේ නායකත්වය වෙත වැඩි අවධානයක් යොමු වීම ද සිදු විය.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජර්මනියේ මියුනිච් නගරයේ මූලස්ථානය පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණය තම ප්‍රධාන සේවා කර ගත් Allianz SE නම් ගෝලීය මූල්‍ය සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

 



අදහස් (0)

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 99 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site