අලුත් ගනුදෙනු සතියක් සඳහා කොළඹ කොටස් වෙෙළඳ පොළ අද ආරම්භ වන අතර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අනාවරණය කරන අය වැය ලේඛනය ඉදිරිපත් කරන්නට කලින් යුහුසුළුවීමක් අපේක්ෂා කළ හැකිවේ. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක නායකයන් ගේ සමුළුව සඳහා අද පිටත්ව යාමට නියමිතය.
එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත්වෙන අතර ලෝක නායකයක් හතළිස් දෙනකු හා ඇමැතිවරු හාරසියයක් පමණ සහභාගී වනු ඇතැයි දැක්වේ. ජනාධිපති අනුර මෙම සමුළුව පෙබරවාරි 12 වැනි දා පස්වරු 2.30 ට ඇමැතීමට නියමිතය. ඉන්දියාව, චීනය හා මැද පෙරදිග රටවල් ඇතුළු ලෝක නායකයන් සමග පවත්වන සබඳතා ආන්ඩුවේ ඉදැරි සැලසුම් සඳහා ඉතාම වැදගත් වේ. මෙයින් ඇතිකරන බලපෑම අනුව ආර්ථිකය ධනාත්මක පැත්තට හැරවිය හැකි වුවහොත් කොටස් වෙෙළඳ පොළ තවදුරටත් ඉහළ පිබිදීමක් අපේක්ෂා කළ හැකිය.
(පෙබ.07) සිකුරාදා ගනුදෙනු අවසානයේ දී කලින් දි තරමක වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිවිය. අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,734.68ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 227.95 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,992.14 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 68.85 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය.
වෙෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 4,763 ක් දක්වා අඩු වී තිබුණි. ගනුදෙනු ප්‍රමාණයහා පිරිවැටුම කලින් දිනවලට සාපේක්ෂව අඩුය. ගනුදෙනු 18,184 ක් වූ අතර පිරිවැටුම රු. බිලියන 2.06 කි. අලුත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන් පරෙස්සම්වන ආකාරයක් සිකුරාදා දිනයේ දී ද පැවැතිණ.
ලැයිස්තුගත සමාගම් 183 ක පමණක් කොටස් මිල ඉහළ ගියේය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු මිලියන 423 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 88 ක්, සී.අයි.සී. රු. මිලියන 88 ක්, සහ මෙල්ස්ටාකෝප් රු. මිලියන 85 ක්, මෙදින කොටස් හුවමාරුවේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. ඉන්ඩ්‍රස්ටියල් ඇස්පරගස් සියයට 33.33 කින්, කලම්බු සිටි හෝලිඩි සියයට 24.92 කින්, සිලෝන් ප්‍රින්රේස් මෝටර්ස් සියයට 11.92 කින්, සිලෝන් කම්බැජ් සියයට 11.76 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම් අතර ඉදිරියෙන් සිටියේය. එස්.ඊ.එම්.බී. ෆිනෑන්ස් සියයට 33.33 කින් යූ බී ෆිනෑන්ස් සියයට 12.50 කින් සහ ටීස් ඇග්‍රෝ සියයට 8.33 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් පහළට වැටී තිබුණි.
නිරීක්ෂක
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අලුත් ගනුදෙනු සතියක වර්ධන අපේක්ෂා