IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලුත් ගිණුම් කොටස් වෙළෙදපොළට

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අලුතින් උපත ලබන දරුවන්ට ඩොලර් දහසක් බැගින් වන තැන්පත් ගිණුමක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ට්‍රම්ප් ගිණුමක් සේ හඳුන්වන මෙම මුදල් කොටස් වෙළෙදපොළ ආයෝජන ගිණුමකට බැර වෙන අතර, එයට සමාන්තරව 2025 සිට 2029 දක්වා උපත ලබන සෑම දරුවකුම උපන් අවස්ථාවේ සිට කොටස් වෙළෙදපොළ සාමාජිකයකු බවට පත්වේ. 
මෙම කර්තව්‍යය සඳහා පෞද්ගලික අංශයේ සහාය ගන්නා අතර, නිල දායකත්වයට අමතරව ඇමරිකානු ඩොලර් 5,000 ක් දක්වා බදු රහිතව පරිත්‍යංග කළ හැකි වන බව ද දැක්වේ. 2023 වසරේ ඇමරිකාවේ උපත ලබා ඇති දරුවන්ගේ සංක්‍යාව ලක්ෂ තිස් හයක්වන අතර, මෙයට ආසන්න පිරිසක් වාර්ෂිකව එරට කොටස් වෙළෙඳාමට එකතු වන පසු ප්‍රාග්ධනය හා තරගකාරීත්වය වේගයෙන් ඉහළ යනු ඇතැයි සැලකේ. කොටස් වෙළෙදපොළ සමග සම්බන්ධ එය ගැන දැනුම ඇති සමාජයක් බිහිකිරීම ද මෙහි අරමුණකි.
ඊයේ (මැයි 11) ගනුදෙනුවල දී කොළඹ කොටස් වෙළෙදපොළ සියලු කොටස් මිල දර්ශක නැවත වාරයක් ශක්තිමත් වූ අතර, සියලු කොටස් මිල 17,657.60 ක් විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 175.30 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,286.16 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 77.21 පිබිදීමක් සේ වාර්තා වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 37,831 කි. සමාගම් 167 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 87 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 5,681.40 ක් විය. කොටස් මිලියන 283.0 ක් හුවමාරු වූ බව දැක්වේ. 
විදේශ සහභාගීත්වය තවමත් දුර්වලය. මිල දී ගැනීම් රු. මිලියන 211.58 ක් වූ අතර, විකිණීම් රු. මිලියන 313.03 ක් ව තිබුණි. රටට සිදුවූ අවාසිය රු. මිලියන 102 කි. 
එල්.වී.එල්. එන්ජි ෆන්ඩ් රු. මිලියන 475 ක්, වැලිබල් වන් රු. මිලියන 228 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 194 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 173 ක්, සම්පත් බැංකුව රු. මිලියන 172 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 157 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 145 ක් කොමර්ෂල් බැංකුව රු. මිලියන 124 ක්, එච්.වී.ඒ. ෆුඩ් රු. මිලියන 120 ක් රෝයල් සෙරමික් රු. මිලියන 110 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා දැක්විය හැකිය.

නිරීක්ෂක



අදහස් (0)

අලුත් ගිණුම් කොටස් වෙළෙදපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site