විමුක්ති එස් රුද්‍රිගු
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඊයේ (17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙවර සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 2,200 කි. පසුගිය වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 2,040 ක් ලෙස සටහන් විය.
කෙසේ නමුත් මෙවර අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.7 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය පසුගිය අයවැය හිඟයට සාපේක්ෂව සුළු පහළ යෑමක් වන අතර 2024 වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 ක් විය.
ශ්‍රී ලංකාව මෙම වසරේදී බදු අදායම ලෙස රුපියල් බිලියන 4,590 ක් උපයා ගැනීමට ඉලක්ක කර ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.9 කි. පසුගිය වසරේදී මෙරට බදු ආදායම රුපියල් බිලියන 3,705 ක් ලෙස සටහන් වී තිබිණි.
මෙම වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4,960 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරේ රජයේ ආදායම වන රුපියල් බිලියන 4,031 ක සමග සසඳන විට සැලකිය යුතු ඉහළ යාමක් වනු ඇත. ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති ගෙවිය යුතු ගෙවීම් මෙම වසරේ රුපියල් බිලියන 5,886 ක් වන අතර එය පසුගිය වසරේ රුපියල් බිලියන 5,340 සමග සංසන්දනය කරන විට සුළු ඉහළ යාමකි.
පසුගිය වසරේ රුපියල් බිලියන 1,309 ක් වූ ආදායම් හිඟය මෙම වසරේදී රුපියල් බිලියන 906 දක්වා පහළ වැටෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ. මෙවර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,315 ක් වන අතර එය පසුගිය වසරේදී බිලියන 817 ලෙස සටහන් විය.
මෙවර පොලී වියදම රුපියල් බිලියන රුපියල් බිලියන 2,950 ක් වන අතර එය පසුගිය වසරේදී රුපියල් බිලියන 2,690 ක් ලෙස දැක්විණි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක් රුපියල් බිලියන 750 වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරේ රුපියල් බිලියන 650 සමග සංසන්දනය කරන විට සුළු ඉහළ යාමකි.
දේශීය ණය ගැනීම් රුපියල් බිලියන 2,125 ක් වන අතර විදේශ ණය ගැනීම් රුපියල් බිලියන 375 ක් වනු ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයවැය හිඟය රු.බි. 2,200 ක්