IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අමානා බැංකුව BBB+ ආයෝජන මට්ටමේ ශ්‍රේණියට

Lanka Rating Agency (LRA) මගින් සිදුකරන ලද ශ්‍රේණිගතකිරීම් අතරින් අමානා බැංකුවට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB+ with a Stable Outlook’ ශ්‍රේණිය හිමි විය. LRA යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ස්වාධීන ණය ශ්‍රේණිගතකරණ ආයතනයකි. 

මේ සම්බන්ධයෙන් LRA  මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම ශ්‍රේණිගත කිරීමෙන් මෙම කාණ්ඩයේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව අමානා බැංකුවේ ශක්තිමත් වත්කම් ගුණාත්මකභාවය, වැඩිදියුණු වූ ප්‍රාග්ධනීකරණය සහ අතීතයේ පටන් මේ දක්වා අත්කරගත් අඛණ්ඩ වර්ධනය හා කාර්යසාධනය පිළිබිඹු වේ. 

2024 වසරේ 3 වැනි කාර්තුව වන විට අමානා බැංකුවේ අදියර 3 අපහායන අනුපාතය සියයට 1.4 ක් ලෙස වාර්තා වී තිබිණි. ක්ෂේත්‍රයේ අවම අගයක් වන මෙය, අමානා බැංකුව ණය අවදානම් කළමනාකරණය ඉතාමත් සාර්ථක ලෙස සිදුකිරීමට සමත් වී ඇති බවට සාක්ෂි දරයි. එමෙන්ම ක්ෂේත්‍රයේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අතර අනුපාතය සම්බන්ධයෙන් ඉහළ අගයක් සනිටුහන් කරමින් සියයට 42.3 ක CASA  අනුපාතයක් වාර්තා කිරීමටද අමානා බැංකුව සමත් වී තිබේ. 

“මෙම ජයග්‍රහණය අප වෙත හිමි වුණේ, රටේ විශ්වාසය දිනූ ශක්තිමත් මූල්‍ය ආයතනයක් ලෙස අප සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගනිමින් සිටින අවස්ථාවකයි. මෙය අපගේ මූල්‍ය ශක්තිය හා තිරසාර වර්ධනය පිළිබිඹු කරන අතරම, අපගේ සේවා හා ආවරණ පරාසය තවදුරත් පුළුල් කරගැනීම සඳහා අපට අගනා අවස්ථාවක් උදා කර දී තිබෙනවා. මෙමගින් අපගේ පාර්ශ්වකරුවන් සියලු‍ම දෙනාට පෙරටත් වඩා වැඩි වටිනාකම් තිළිණ කිරීමට අපට හැකි වේවි.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය. 

“LRA ආයතනය වෙතිනුත් මේ ආකාරයට ආයෝජන මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් හිමි වීම අපට මහත් ගෞරවයක්. මෙමගින් අමානා බැංකුවේ ශක්තිය සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පිළිබිඹු වනවා. ප්‍රධාන කාර්යසාධන දර්ශක තුළ ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට මෙන්ම ක්ෂේත්‍රයේ නව ආදර්ශ සනිටුහන් කිරීමට අප සමත් වී ඇති බවට මෙය මනා සාක්ෂියක්. එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීම් මගින් ක්ෂේත්‍රයේ අපට හිමි වී ඇති ස්ථානය තවදුරටත් තහවුරු වන අතරම, අනාගත දියුණුව සඳහා අවස්ථා රාශියකුත් උදා වේවි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය. 

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’  ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 

 



අදහස් (0)

අමානා බැංකුව BBB+ ආයෝජන මට්ටමේ ශ්‍රේණියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site