IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අභාවයට ගිය හසලක වී මෝල් සංකීර්ණය

 විනාශ වන හසලක වී මෝල් සංකීර්ණය


  • ​ප්‍රතිසංස්කරණය කළොත් රැකියා ගැටලුවටත් විසඳුමක්​
  • අද කැලෑවට යටවූ  අනවසර පුද්ගලයන්ගේ ග්‍රහණයට හසුවූ ස්ථානයක්
  • ​වී මෝල් සංකීර්ණය ඉදිකළේ සහන මිලට සහල් දෙන්න
  • අතරමැදියන් නැතිව ගොවීන්ට කෙළින්ම වී අලෙවි කිරීමටත් අවස්ථාව තිබුණා
  • බොයිලේරු හා ඇඹරුම් මැෂින් විනාශ වෙමින් තිබෙනවා
  • සේවා කටයුතු නතර කළේ 1993 දී

හසලක සුනිල් ඒකනායක


මිනිපේ මහ ගොවි ජනපදයේ ඇති කෝටි ගණන් වටිනා මහජන දේපල විනාශය කරා යමින් පවතී. එම දේපල අතරට වී අලෙවි මණ්ඩලය සතුව තිබූ හසලක වී මෝල් සංකිර්ණය සහ ප්‍රදේශයේ වී ගබඩා විශාල සංඛ්‍යාවක් ද අයත්ව තිබේ.

රජය සතුව ඇති මෙම වී මෝල් ගබඩා නැවත ප්‍රතිසංස්කරණය කර එහි කටයුතු ආරම්භ කිරීම කාලෝචිත බව මිනිපේ ගොවි සංවිධාන රජයේ අවධානයට යොමු කරයි.

වී නිෂ්පාදනය කරනු ලබන ගොවි ජනපදවල ගොවියාගේ වී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා සහ එම වී නිෂ්පාදන සහල් බවට පත්කර පාරිභෝගිකයාට සහන පදනමට සහල් ලබාදීමේ අරමුණින් ගොවියාගේ ඉල්ලීම මත එවකට පැවති ආණ්ඩු ගොවි ජනපදවල වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට ගබඩා ඉදිකළේය. ඇතැම් ප්‍රදේශවල මහා පරිමාණයේ වී මෝල් සංකීර්ණ ඉදිකිරීම ද සිදු කෙරිණි.

මෙම පහසුකම් ලැබීමෙන් පසු ගොවියාට කිසිදු කරදරයක් නොමැතිවම අතරමැදියාගෙන් මිදී තම නිෂ්පාදන කෙළින්ම වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට අලෙවි කිරීමට අවස්ථාව හිමිවුණි. අපහසුතාවකින් තොරව වෙළෙන්දන්ට සහ පාරිභෝගිකයාට ද අවශ්‍ය සහල් ලබා ගැනීමටත් හැකිවිය. එය එකල ගොවියාට සහ පාරිභෝගිකයාට ද විශාල සහනයක් වී තිබුණි.

මොරයාය ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති එච්.එම්. සෙනරත් බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මිනිපේ ගොවි ජනපදයට වටිනාකමක් ගෙන දෙන විශාල සම්පතක් තිබෙනවා. එය නම් රජයේ මුදල් කෝටි ගණනක් වැය කර ගොවි ජනතාව වෙනුවෙන් හසලක නගරයේ ඉදිවූ දැවැන්ත වී මෝල් සංකිර්ණයයි. 70 දශකයේදී ඉදි වූ මෙම වී මෝල් සංකීර්ණය අඩි 60ක් පමණ උසැති විශ්කම්භයකින් සහ වට අඩි 30ක් පමණ වන සිලින්ඩර් 12ක්, අඩි 40කින් පමණ විශ්කම්භය ඇති වට අඩි 25ක් පමණ වන සිලින්ඩර් 08ක්, වී තම්බන බොයිලේරුවක් සහිත වී ඇඹරුම් මැෂින් කීපයක් සහ ලොරිය සමග වී කිරණ තරාදියක් සහිත නේවාසිකාගාර ඇතුළු අංගසම්පුර්ණ ආයතනයක්.

හසලක නගරය කේන්ද්‍ර කරගෙන ඉදි වූ මෙය ආසියාවේ තෙවැනි වී මෝල් සංකීර්ණයයි. ජනතා අයිතියට පත්කිරීමට 1976 පෙබරවාරි මස 05 වැනි දින පැමිණි දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළේ හසලක සහල් මෝල් සංකීර්ණය ඉදිකිරීමෙන් මිනිපේ ගොවි ජනපදයේ ගොවියාට පමණක් නොව මහනුවර දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයා ඇතුළු මුළු දිවයිනටම අවශ්‍ය සහල් සැපයීමට හැකිවෙන බවයි. එවැනි බලාපොරොත්තු ගොන්නක් ගොවියාට ලබා දී ආරම්භ කළත් 1993 වර්ෂයේ දී පමණ සේවා කටයුතු නතර කර වසා දැමීම නිසා අද එම වී මෝල් සංකීර්ණය මිනිපේ ගොවියාගේ දෙනෙතට කඳුළු උනන පළාතට අවාසනාව ගෙන දෙන වන සතුන් ළගින ළඳු කැළයට යටවෙන අනවසර පුද්ගලයන්ගේ ග්‍රහණයට හසු වූ අබලන් යකඩ ගොඩක් බවට පත් වූ ආයතනයක් බවට පත්ව තිබෙනවා. 

ඒ නිසා මෙම වී මෝල් සංකීර්ණය නැවත ජනතා අයිතියට පත් කර වර්තමානයේ සහල් මාෆියාවෙන් පීඩා විදින ගොවි ජනතාවට සහ පාරිභෝගික ජනතාවට සහන සලසා දෙන ආයතනයක් බවට පත් කරන මෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. මේ තුළින් ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ පිරිසකට රැකියා මාර්ග ලබාදිමටත් හැකිවෙන බව ජනපදවාසීන් පෙන්වා දෙනවා.

මෙම ගැටලු සම්බන්ධයෙන් අප විමසීමේදී වී අලෙවි මණ්ඩලයේ හසලක කොට්ඨාසය භාර වගකිව යුතු නිලධාරී මහතෙකු පැවසුවේ මේ වනවිටත් හසලක පල්ලේවත්ත සහ මොරයාය යන ප්‍රදේශවල තිබෙන ගබඩා සියල්ල පිළිසකර කිරීම සඳහා ඇස්තමේන්තුවක් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සකස් කර ප්‍රධාන කාර්යාලයට යොමු කර ඇති බවයි. අදාළ අනුමැතිය ලද වහාම මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර මිනිපේ ගොවියාගේ වී මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. හසලක වී මෝල් සංකීර්ණයේ වී ගබඩා පමණක් ප්‍රයෝජනය සඳහා ගැනීමට අදහස් කරන බවත් ඔහු පැවසීය.

 

කැලෑවට යටවෙන පල්ලේවත්ත වී ගබඩාව



අදහස් (0)

අභාවයට ගිය හසලක වී මෝල් සංකීර්ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site