IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අප්‍රේල් මාසයේදී මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේදී ඉහළට

භානුක අමරසිංහ
ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන ආකාරයට, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අප්‍රේල් මාසයේදී පැවැති දර්ශකාංක 41.4 සිට 2025 මැයි මාසයේ දී දර්ශකාංක 59.7 ක් දක්වා වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි. 
මැයි මාසය සඳහා වන ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි. ඒ අනුව අප්‍රේල් මාසයේ පැවැති උත්සව සමය හේතුවෙන් මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනකු සඳහන් කර තිබේ. 
එහිදී මැයි මාසය තුළ, විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙන අතර, එය නව ඇණවුම් දර්ශකය 48.6 සිට 56.9 ක් දක්වා ඉහළ යෑමට හේතු විය. සමස්ත ක්‍රියාකාරකම් සහ නව ඇණවුම්වල වැඩිවීමට සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ද මැයි මාසයේදී දර්ශකාංක 56.9 ක් දක්වා ඉහළ ගියේය. 


මේ අතර, මැයි මාසයේ දී සේවා නියුක්ති දර්ශකය 45.7 ක් දක්වා අඩු වේගයකින් පහත වැටුණි. තවද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අප්‍රේල් මාසයේ පැවැති 52.9 සිට 45.8 ක් දක්වා මැයි මාසය තුළ දී පහත වැටී තිබේ. “නව ව්‍යාපෘති පිළිබඳ අපේක්ෂා ඉහළ යෑම හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා වන අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතී,” මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (0)

අප්‍රේල් මාසයේදී මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේදී ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site