IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අපනයන නංවන්න ඇමැති නිලධාරි විශේෂ හමුවක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයිනේ දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීන් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේ දී පැවැත්විණ.
මෙම සාකච්ඡාවේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ අපනයන දිශානතිය පිළිබඳ අපනයන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම, අපනයන ඉලක්ක හා ප්‍රාදේශීය සංවර්ධන උපායමාර්ග සාකච්ඡා කිරීම, සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ විවිධ අංශවල කාර්යභාරය පිළිබඳව අපනයන සංවර්ධන නිලධාරීන් පුළුල්ව දැනුවත් කිරීමයි.
මෙම හමුවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂවරු, නිලධාරීහු සහ දිවයිනේ දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

අපනයන නංවන්න ඇමැති නිලධාරි විශේෂ හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site