2024 වසරේ දී සියලු කොටස් මිල දර්ශකය සියයට 49.66 කින් ඉහළ ගොස් ඇති බව සිංගප්පූරුවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම සඳහා වූ සමුළුවේ දී හෙළි කෙරිණ. 2025 වසරේ දැනට පවතින වේගවත් වර්ධනය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධ සාධකයක් බව ද ප්‍රකාශ වී තිබේ. මේ අතර අපනයන වර්ධනය සලකා බලන දෙවැනි ජනාධිපති සැසිය පසුගිය දා පැවැති අතර එහි දී වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් ප්‍රකාශ කර ඇත. ජාතික බදු කොමිසම මෙහි දී බදු ප්‍රතිසංස්කරණ වාර්තාවක් එළි දක්වා තිබේ. අපනයන වර්ධනය සඳහා සැලැස්ම අනුව වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල ගණන් සඳහා ඉල්ලුමක් ඇති විය හැකිවේ.
ඊයේ (අගෝ 14) ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,928.67 ක් දක්වා පහළ වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 46.83 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,780.58 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 35.06 ක පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 7.08 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 39,860 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 267.45 ක් විය. සමාගම් 150 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 110 කි.
ඩිජිටල් මොබිලිටි රු. මිලියන 932 ක්, එල්.වී.එල්. එනර්ජි රු. මිලියන 422 ක්, ඊස්ට් වෙස්ට් රු. මිලියන 363 ක්, හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද රු. මිලියන 262 ක්, ඊස්ට් වෙස්ට් රු. මිලියන 148 ක්, සම්පත් බැංකුව රු. මිලියන 248 ක්, ලංකා වෙන්චර්ස් රු. මිලියන 222 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 201 ක්, සමුපකාර රක්ෂණ රු. මිලියන 180 ක්, ඕවර්සිස් රියැලිටි රු. මිලියන 166 ක්, ඇසෝසියේටඞ් මෝටර්ස් රු. මිලියන 135 ක්, සහ හේලීස් රු. මිලියන 131 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපනයන ඉලක්ක කරගත් සමාගම්වලට අලුත් අවස්ථා