IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


”‍අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමයෙන් ඉන්දියාවට පනවන තීරු බද්ද සියයට 20 ක්?

 


විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකාවේ ‘‘අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමය යටතේ ඉන්දියාවට පනවන තීරු බද්ද සියයට 20 ට වඩා අඩු වනු ඇති බවත් ඒ හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව, ලාඕසය වැනි රටවල් සමග තරගකිරීමේදී ඉන්දියාවට වාසිදායක තත්වයක් ලැබෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය (13) වාර්තා කළේය.

ඉන්දියාවට අනෙක් බොහෝ රටවලට මෙන් පනවන තීරු බද්ද සම්බන්ධයෙන් ලිපියක් නොලැබෙනු ඇති බවත් ඇමෙරිකාව නිල නිවේදනයක් මගින් ඉන්දියාවට පනවනු ලබන තීරු බද්ද ප්‍රකාශයට පත්කරන බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

ඇමෙරිකාව සහ ඉන්දියාව එළැඹෙන අනතර් කාලීන වෙළෙඳ ගිවිසුමක් මගින් තීරු බද්ද පැනවෙනු ඇති බවත් එය සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සහාය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය. දෙරට අතර එකඟ නොවූ ගැටලු‍ සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට එමගින් අවස්ථාව ලැබෙනු ඇති බවත් අනතුරුව මෙම වසර අවසානයේදී ඉන්දියාව සහ ඇමෙරිකාව පුළුල් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

ඒ සඳහා දෙරට අතර ඇතිකරගෙන තිබෙන එකගතාවට අනුව ඉන්දියාවට සියයට 20 ට අඩු තීරුබදු ප්‍රතිශතයක් ඇමෙරිකාව පනවනු ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.



අදහස් (0)

”‍අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමයෙන් ඉන්දියාවට පනවන තීරු බද්ද සියයට 20 ක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site