
භානුක අමරසිංහ
කොළඹ වරායේ ඉදි කෙරුණු කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් කටයුතු ඊයේ (07දා) ආරම්භ කළ බව එම ව්‍යාපෘතියේ ප්‍රධානම ආයෝජකයා (සියයට 51) වන අදානි සමූහයට අයත් අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් (APSEZ) සමාගම පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝලඩිංග්ස් (සියයට 34) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (සියයට 15) සමගින් ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ එම සමාගම මෙම කොළඹ වරාය බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී වරාය ඉදිකර, මෙහෙයුම් සිදු කර අයිතිය පවරාදීමේ (BOT) වසර 35ක එකඟතාවක් යටතේ එය ඉදි කෙරිණි.
2022 වසරේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා කෙරුණු සමස්ත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 800 කි. මේ යටතේ මීටර් 1,400ක් දිග, මීටර් 20ක් ගැඹුරු වරාය තටාකයක් ඉදි කෙරුණු අතර, එමගින් අඩි විස්සක් දිග බහාලුම් ඒකක මිලියන 3.2ක් වාර්ෂිකව හැසිරවීමේ හැකියාවක් පවතින බවත් සදහන් වෙයි.
එසේම මෙම පර්යන්තය කොළඹ වරාය ආශ්‍රිතව වඩාත් ගැඹූරක් සහිතව ඉදි කෙරුණු පළමු පර්යන්තයද වන අතර, එය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නකි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදානි සමූහය කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් අරඹයි