සියයට 1.9 කින් ඉහළ යාමක්
කාර් රථ ලියාපදිංචිය ජූලි මාසයට සාපේක්ෂව 6,745ක් ලෙස සියයට 4කින් පහළට
සමස්ත කාර් රථ ලියාපදිංචියෙන් ටොයොටා මෝටර් රථ ලියාපදිංචිය ප්‍රතිශතයක් ලෙස සියයට 29ක්
යතුරු පැදි ලියාපදිංචිය 27,585ක්. සියයට 2 කින් පහළ යාමක්
ත්‍රිරෝද රථ ලියාපදිංචිය 2,497 ක් දක්වා සියයට 430 කින් ඉහළට
භානුක අමරසිංහ
පසුගිය අගෝස්තු මාසයේදී මෙරට තුළ අලුතින් ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 38,240ක් බව කැපිටල් එලායන්ස්හි (CAL) පර්‌යේෂණ අංශය සකස් කළ වාර්තාවක සඳහන්ව තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත අනුව එම ආයතනය මෙම වාර්තාව සකස් කර ඇත. ඒ අනුව ජූලි මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 37,543 ට සාපේක්ෂව එම සංඛ්‍යාව සියයට 1.9 කින් ඉහළ ගොස් තිබේ.
මෙහිදී මෝටර් රථ කාණ්ඩය අනුව අගෝස්තු මාසය තුළ වැඩිම ලියාපදිංචියක් සිදුව ඇත්තේ යතුරු පැදි බව එම දත්ත තුළ සටහන්ව තිබේ. එසේම ජුලි මාසයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ලියාපදිංචියේද අති විශාල ඉහළ යාමක් සිදුව තිබේ. කෙසේ වෙතත් ජූලි මාසයේදී ලියාපදිංචි කෙරුණු කාර් රථ සංඛ්‍යාවට සාපේක්ෂව අගෝස්තුවේදී ලියාපදිංචි වූ කාර් සංඛ්‍යාව පහත වැටී ඇත.
ඒ අනුව ජූලි මාසයේදී සිදුකළ කාර් රථ 6745ක ලියාපදිංචියට සාපේක්ෂව අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු සංඛ්‍යාව 6475 ක් දක්වා සියයට 4කින් පහත වැටී තිබේ. එහිදී සමස්ත කාර් රථ ලියාපදිංචියෙන් ටොයොටා මෝටර් රථ ලියාපදිංචිය ප්‍රතිශතයක් ලෙස සියයට 29ක් වන අතර, BYD රථ ලියාපදිංචිය සියයට 21ක් ලෙසත් සටහන් වන බව කැපිටල් එලායන්ස් වාර්තාව පෙන්වා දෙයි. හොන්ඩා සහ සුසුකි රථ පිළිවෙළින් සියයට 15ක් සහ 14ක් වෙයි.
මේ අතර ජූලි මාසයේදී ඇති වූ රේගු සීමා කිරීම් නිසා පහත වැටුණු BYD මාදිලියේ මෝටර් රථ ලියාපදිංචිය අගෝස්තු මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයිද මෙම වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව අගෝස්තු මාසයේදී BYD රථ ඒකක 1,424 ක් ලියාපදිංචි කර ඇති අතර, එය ජුලි මාසයේදී ලියාපදිංචි කෙරුණු රථ 790 හා සැසඳීමේදී සියයට 80 ක වර්ධනයකි. මේ අතරින් ප්‍රශ්න ගත ATTO මාදිලියේ රථ 554ක් අගෝස්තුවේදී ලියාපදිංචි කෙරී ඇති අතර, ජූලි මාසයේදී ලියාපදිංචි කෙරී ඇත්තේ 68 ක් පමණකි.
යතුරු පැදි ලියාපදිංචිය යටතේ අගෝස්තු මාසයේදී අලුතින් යතුරු පැදි 27,585ක් ලියාපදිංචි වී ඇත. එහෙත් එය ජූලි මාසයේදී ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව වූ 28,071 හා සැසඳීමේදී සියයට 2ක අඩුවීමකි. සන්නාම අනුව අගෝස්තු මාසයේදී ලියාපදිංචි වී ඇති වැඩිම යතුරු පැදි සංඛ්‍යාව වන 10,325 බජාජ් මාදිලියේ යතුරු පැදිය. එසේම ඔඪී මාදිලියේ යතුරු පැදි 6,799ක්ද, යමහා මාදිලියේ යතුරු පැදි 3,085ක්ද ලියාපදිංචි කෙරී ඇත. ලියාපදිංචි කෙරුණු වෙනත් මාදිලියේ යතුරු පැදි සංඛ්‍යාව 7,376 කි. CAL ඉදිරිපත් කරන මෙම වාර්තාවට අනුව අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ සංඛ්‍යාව 2,497 කි. එය ජූලි මාසයේ ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 472 හා සැසඳීමේදී සියයට 430ක වර්ධනයකි. එහිදී අගෝස්තු මාසය තුළ බජාජ් ත්‍රිරෝද රථ 2,286ක් ලියාපදිංචි වී ඇති අතර,TVS 93ක්, ජිආජියෝ 85ක් සහ මහින්ද්‍රා 22 ක් ලෙස එම ලියාපදිංචිය සිදුව තිබේ.
මේ අතර පසුගියදා රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ කරුණු දැක් වූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අනාවරණය කළ ආකාරයට වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව මේ දක්වා මෙරට වෙත වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇතැයිද සඳහන් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගෝස්තුවේදී ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 38,240ක්