IMG-LOGO

හොඳ නායකයෙක් වන හැටි පාසල් දරුවන්ට කියා දෙයි

(යොහාන් භාසුර)

‘ආත්මාර්ථකාමීත්වයෙන් තොරව වගකීමෙන් පිරිපුන් නායකයන් පිරිසක් බිහි කරමු’ යන තේමාව යටතේ කතෝලික පාසල්වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් දෙදින නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

සුබෝධි පූර්ණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වික්ටර් සිල්වා පියතුමන්ගේ සංවිධානයෙන් සහයක පියතුමන් වන අමිල මධුරංග සහ ප්‍රකාෂ් ප්‍රනාන්දු යන පියතුමන්ලා එම වැඩසටහන මෙහෙයවූහ.

මෙම වැඩමුළු තුළ තම තමන්ම හරිහැටි හඳුනාගෙන තමන් තුළ ඇති නායකත්වයේ ගුණාංගයන් තුළ කැපවෙමින් එකිනෙකා අතර සම්බන්ධතාවයන් දියුණු කරගෙන නායකත්වයේ වගකීම් යුතුකම් තේරුම්ගෙන නායකත්වයේ ගුණාංග ප්‍රගුණ කරන ආකාරය හුරුකළ බවත් භාවනායෝගීව සිත් පාලනයෙන් යුක්තව දහමට ළැදිව එකිනෙකාගේ මතයන්ට අදහස්වලට ගරු කරමින් පෞරුෂත්වය වැඩිදියුණු කිරීම පුහුණු කළ බවත් සංවිධාකයෝ පවසති.

මම යන මමත්වයෙන් මිදී පරාර්ථකාමී නිහතමානී සැබෑ නායකයින් පිරිසක් බිහි කිරීම අරඹයා මෙම වැඩමුළු ක්‍රියාත්මක කළ බවද සංවිධායකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.

මොරටුව ශාන්ත සෙබස්තියන්, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන ශාන්ත ජෝශප්, නුගේගොඩ ශාන්ත ජෝන්, කොටහේන ශාන්ත බෙනඩික්, පයාගල සිරිකුරුස, කළුතර සිරිකුරුස, මීගමුව ලොයොලා සහ එඬේරමුල්ල ශාන්ත ජෝශප් යන විදුහල් නියෝජන කරමින් ශිෂ්‍ය නායක දරුවන් 69 ක් පළමු දිනයේ වැඩසටහනට සහභාගි වූහ.

මීගමුව ආවේ මරියා, මීගමුව ලොයලා, පයාගල සුරදූතික බාලිකා, බම්බලපිටිය පවුලේ, පානදුර යහපත් එඩේරාගේ, කොටහේන යහපත් එඩේරාගේ සහ කොළඹ ශාන්ත බි්‍රජට් යන කන්‍යාරාම නියෝජනය කරමින් ශිෂ්‍ය නායිකාවන් 45 ක් දෙවැනි දිනයේ වැඩසටහනට සහභාගි වූහ.

 



අදහස් (0)

හොඳ නායකයෙක් වන හැටි පාසල් දරුවන්ට කියා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 319 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site