(ප්‍රියාණි මංගලිකා)

නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැලඳවීමේ උළෙල එම පාසල් ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි .

මෙලෙස 2023 වසර සඳහා තෝරා ගැණුන නවක ශිෂ්‍ය නායක නායිකාවෝ අනූපස් දෙනෙක් මෙහිදී  නිල ලාංඡන පළඳමින්  නයකත්වයෙන් අභිසෙස් ලැබූහ

පාසල් නර්තන අංග සිසුන්නේ දර්ශනීය නර්තන අංග රැසකින් අභිසෙස් උළෙල වර්නවත් කෙරිණි.

විදුහල්පති දයානන්ද ජයසුන්දර මහතාගේ උපදෙස් අනුව පාසල් ශිෂ්‍ය නායක පර්ශදය  උළෙල සංවිධානය කළේය.